Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
54 verses
1ආදම්, සෙත්, ඒනොෂ්;
2කේනාන්, මහලලෙල්, යරෙද්;
3ඒනොක්, මෙතුසෙලා, ලාමෙක්;
4නෝවා, ෂෙම්, හාම් සහ යඵෙත්ය.
5යඵෙත්ගේ පුත්රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය.
6ගොමෙර්ගේ පුත්රයෝනම්: අෂ්කෙනස්, ඩීඵත්. සහ තොගර්මාය.
7යාවාන්ගේ පුත්රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිවරු සහ රොදානිවරුය.
8හාම්ගේ පුත්රයෝනම්: කුෂ්, මිශ්රයිම්, පූට් සහ කානාන්ය.
9කුෂ්ගේ පුත්රයෝනම්: සෙබා, හවීලා, සබ්තා, රායමා සහ සබ්තෙකාය. රායමාගේ පුත්රයෝනම්: ෂෙබා සහ දෙදාන්ය.
10කුෂ්ට දාව නිම්රොද් උපන්නේය. ඔහු පොළොවේ බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය.
11මිශ්රයිම්ට දාව ලූදිවරුද අනාමිවරුද ලෙහාබිවරුද නප්තුහිවරුද,
12පත්රුසිවරුද කස්ලුහිවරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ ඔවුන්ගෙන්ය) කප්තොරිවරුද උපන්නෝය.
13කානාන්ට දාව තමාගේ කුලුඳුලාවූ ශීදොන් සහ හෙත්ද;
14යෙබූසියයාද අමෝරියයාද ගිර්ගාෂියයාද;
15හිවීයයාද අර්කියයාද සීනියයාද;
16අර්වාදියයාද ශෙමරියයාද හමාතියයාද උපන්නෝය.
17ෂෙම්ගේ පුත්රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක්ය.
18අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය, ෂෙලාට දාව ඒබෙර් උපන්නේය.
19ඒබෙර්ට පුත්රයන් දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය; මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය; ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.
20යොක්තාන්ට දාව අල්මෝදාද්ද ෂෙලෙප්ද හසර්මාවෙත්ද යෙරාක්ද;
21හදොරාම්ද ඌසාල්ද දික්ලාද;
22ඒබාල්ද අබිමායෙල්ද ෂෙබාද;
23ඕපීර්ද හවීලාද යෝබාබ්ද උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්රයෝය.
24ෂෙම්, අර්පක්ෂද්, ෂෙලා;
25ඒබෙර්, පෙලෙග්, රෙව්;
26සෙරුග්, නාහොර්,
27තේරා සහ ආබ්රම් (එනම් ආබ්රහම්)ය.
28ආබ්රහම්ගේ පුත්රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල්ය.
29ඔවුන්ගේ පරම්පරා මේය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා, මස්සා;
30හදද්, තේමා, යෙතූර්, නාපීෂ් සහ කේදෙමාය.
31මොව්හු ඉෂ්මායෙල්ගේ පුත්රයෝය.
32ආබ්රහම්ගේ උපභාර්යාවවූ කෙතුරාගේ පුත්රයෝ මොව්හුය: ඈ ශිම්රාන්, යොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා බිහිකළාය. යොක්ෂාන්ගේ පුත්රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.
33මිදියාන්ගේ පුත්රයෝනම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායාය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්රයෝය.
34ආබ්රහම්ට දාව ඊසාක් උපන්නේය. ඊසාක්ගේ පුත්රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල්ය.
35ඒසව්ගේ පුත්රයෝ නම්: එලීපස්, රූවෙල්, යෙවුෂ්, යලාම් සහ කෝරාය.
36එලීපස්ගේ පුත්රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගාතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක්ය.
37රූවෙල්ගේ පුත්රයෝ නම්: නාහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය.
38සේයිර්ගේ පුත්රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ගිබියොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන්ය.
39ලෝතාන්ගේ පුත්රයෝ නම්: හෝරී සහ හෝමාම්ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරීය.
40ෂෝබාල්ගේ පුත්රයෝ නම්: අල්වාන් මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම්ය. ශිබියොන්ගේ පුත්රයෝ නම්: ආයා සහ ආනාය.
41ආනාගේ පුත්රයෝ: දීෂොන්ය. දීෂොන්ගේ පුත්රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන්ය.
42ඒශෙර්ගේ පුත්රයෝ නම්: බිල්හාන්, සයවාන් සහ යකාන්ය. දීෂාන්ගේ පුත්රයෝ නම්: ඌශ් සහ අරාන්ය.
43ඉශ්රායෙල් පුත්රයන් කෙරෙහි කිසි රජෙකු රජකම්කරන්ට පළමුවෙන් ඒදොම් රටේ රජකම්කළ රජවරු මොව්හුය: බෙයොර්ගේ පුත්රවූ බෙලාය; ඔහුගේ නුවර නම දින්හාබාය.
44බෙලා මැරුණායින් පසු බොශ්රාහි සෙරාගේ පුත්රවූ යෝබාබ් ඔහු වෙනුවට රජකම්කෙළේය.
45යෝබාබ් මැරුණායින් පසු තේමාන්වරුන්ගේ රටේ හූෂාම් ඔහු වෙනුවට රජකම්කෙළේය.
46හූෂාම් මැරුණායින් පසු මෝවබ් රටේදී මිදියන්ට පහරදුන් බෙදද්ගේ පුත්රවූ හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය. ඔහුගේ නුවර නම අවිත්ය.
47හදද් මැරුණායින් පසු මස්රේකාහි සම්ලා ඔහු වෙනුවට රජකම්කෙළේය.
48සම්ලා මැරුණායින් පසු ගංගාව1:48 එනම්-ප්රාත් ගංගාව. ළඟ තිබුණු රෙහොබොත්හි ෂාවුල් ඔහු වෙනුවට රජකම්කෙළේය.
49ෂාවුල් මැරුණායින් පසු අක්බොර්ගේ පුත්රවූ බාල්-හානාන් ඔහු වෙනුවට රජකම් කෙළේය.
50බාල්-හානාන් මැරුණායින් පසු හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය; ඔහුගේ නුවර නම පායිය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබෙල්ය, ඈ මේ-සාහාබ්ගේ දුවවූ මට්රේද්ගේ දුවය. හදද් මළේය.
51ඒදොම්හි අධිපතිවරු නම්: අධිපතිවූ තිම්නාය, අධිපතිවූ අල්වාය, අධිපතිවූ යෙතේත්ය;
52අධිපතිවූ ඕහොලිබාමාය, අධිපතිවූ ඒලාය, අධිපතිවූ පීනොන්ය;
53අධිපතිවූ කෙනස්ය, අධිපතිවූ තේමාන්ය, අධිපතිවූ මිබ්ශාර්ය;
54අධිපතිවූ මග්දීයෙල්ය, අධිපතිවූ ඊරාම්ය. මොව්හු ඒදොම්හි අධිපතියෝය.