Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්,
2ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.
3නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,
4දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.
5මක්නිසාද පුරාණ කාලයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවුණ ශුද්ධවූ ස්ත්‍රීවරු තමුන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාරවුණෝය.
6එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.
7එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.
8අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.
9නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.
10මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා.
11නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා;
12මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.
13තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද?
14එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;
15නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.
16නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.
17මක්නිසාද නුඹලා යහපත කර දුක්විඳීම දෙවියන්ව���න්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක්විඳීමට වඩා ඒක හොඳය.
18මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.
19එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්මවලට දේශනාකළසේක.
20ඒ ආත්ම නෝවාගේ දවස්වලදී, නැව සාදන අතර, දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයෙහි අකීකරුව සිටියෝය. ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අටදෙනෙක් [ඇතුල්වී] වතුර කරණකොටගෙන ගැළවුණෝය.
21ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.
22උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිනසේක; දේවදූතයෝද බලයලත්තෝද පරාක්‍රමධාරීහුද උන්වහන්සේට යටත්කරනලද්දෝ වෙති.