Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
12 verses
1දාවිත් තමාගේ සිතින් කල්පනාකොට: යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවීයාම මිස වෙන හොඳ විධියක් මට නැත; සාවුල්ද මුළු ඉශ්රායෙල් සීමාව තුළේ තවත් මා සෙවීමෙන් මත්තට වලකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවෙන්ට මට පුළුවන්වේයයි කීවේය.
2එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් හසියයද පිටත්වී මායොක්ගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට ගියෝය.
3දාවිත් සහ ඔහුගේ මිනිස්සුද ඔවුනොවුන්ගේ පවුල්ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාවව සිටියාවූ කර්මෙලිය අබීගායිල්ද ආකීෂ් වෙත ගාත්හි විසුවෝය.
4දාවිත් ගාත්ට පලාගිය බව සාවුල්ට දන්වනලද්දේය. ඔහු තවත් ඔහු නොසෙවුවේය.
5තවද දාවිත් ආකීෂ්ට කථාකොට: ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මට වාසයකිරීමට පිටිසර නුවරක යම් ස්ථානයක් ලැබේවා. ඔබගේ මෙහෙකරුවා ඔබ සමඟ රජ නුවර වාසයකරන්නේ මක්නිසාදැයි කීවේය.
6ආකීෂ්ද ඒ දවසේදී ශික්ලග් නුවර ඔහුට දුන්නේය. ඒ නිසා ශික්ලග් අද දක්වා යුදාහි රජවරුන්ට අයිතිය.
7දාවිත් පිලිස්තිවරුන්ගේ රටේ විසූකාලය පුරා එක් අවුරුදු සාරමාසයක්ය.
8දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිටත්ව ගෙෂූර්වරුන්ටද ගිර්ශීවරුන්ටද අමලෙක්වරුන්ටද විරුද්ධව ගියෝය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වාද මිසරදේශය දක්වාද පුරාණයේ සිට දේශයේ වැසියෝ වූහ.
9දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරු නොකර දේශයේ සියල්ලන් මරාදමා, බැටළුවන්ද ගවයින්ද කොටළුවන්ද ඔටුවන්ද වස්ත්‍රද අරගෙන හැරී ආකීෂ් ළඟට ආවේය.
10අද ඔබ සැම කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යුදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.
11ගාත්ට ගෙනඑන පිණිස දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරුකළේ නැත; මක්නිසාද: දාවිත් මේ මේ ආකාර කළේය කියා ඔවුන් අපට විරුද්ධව කාරණා දන්වන්ට පුළුවනැයි ඔහු සිතුවේය. ඔහු පිලිස්තිවරුන්ගේ රටේ සිටි කාලය මුළුල්ලෙහි ඔහුගේ හැසිරීම එයාකාරව තිබුණේය.
12ආකීෂ් දාවිත් විශ්වාසකොට: ඔහු තමාගේ සෙනඟවූ ඉශ්රායෙල්වරුන් තමාට මුළුමනින් පිළිකුල්කරන්ට සලස්වාගත��� බැවින් ඔහු සෑම කල්හිම මාගේ මෙහෙකරුවා වන්නේයයි කීවේය.