Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යුදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.
2නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ:
3ඔබ සාලමොන්ගේ පුත්‍රවූ යුදාහි රජවූ රෙහොබොවම්ටත් යුදා සහ බෙන්යමින්හි සියලු ඉශ්රායෙල්වරුන්ටත් කථාකොට-
4ඔබ සැම නොයන්න, ඔබ සැමගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න, එක එකා තම තමාගේ ගෙදරට හැරී යන්න; මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කියන්නැයි කීය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනවලට ඇහුම්කන්දී, යෙරොබොවම්ට විරුද්ධව නොගොස් හැරී ආවෝය.
5රෙහොබොවම් යෙරුසලමෙහි වාසයකරමින් ආරක්ෂාව පිණිස යුදාහි නුවරවල් ගොඩනැඟුවේය.
6ඔහු බෙත්-ලෙහෙම්, ඒතාම්, තෙකෝවා,
7බෙත්-ශූර්, සෝකෝ, අදුල්ලාම්,
8ගාත්, මාරෙෂා, ශීප්,
9අදොරයිම්, ලාකීෂ්, අසේකා,
10ශොරා, අයාලොන්, හෙබ්‍රොන් යන යුදාහිද බෙන්යමින්හිද තිබෙන නුවරවල් බලකොටු නුවරවල් කෙළේය.
11ඔහු බලකොටු සවිකර, එහි අධිපතීන් සිටුවා, ආහාර සහ තෙල්ද මුද්‍රිකපානයද රැස්කොට තැබුවේය.
12යළිත් හෙතෙම එක එක නුවර පලිස් සහ හෙල්ල තබා, ඒවා ඉතා බලවත් ලෙස සවිකෙළේය. ඔහුට තිබුණේ යුදා සහ බෙන්යමින් ප්‍රදේශවල්ය.
13සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටි පූජකයෝද ලෙවීවරුද තමුන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙතට ආවෝය.
14මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යුදාටත් යෙරුසලමටත් ආවෝය.
15තවද ඔහු තමා විසින් සෑදූ උස්තැන්වලටත් එළුවන්ටත්. වස්සන්ටත් පූජකයන් පත්කරගත්තේය.
16යළිදු, ලෙවීවරුන්ට පසු සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගත් අය තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස යෙරුසලමට ආවෝය.
17මෙසේ ඔව්හු යුදා රාජ්‍යය ශක්තිමත්කොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් තුන් අවුරුද්දකට ස්ථිරකළෝය. මක්නිසාද ඔව්හු තුන් අවුරුද්දක් දාවිත්ගේද සාලමොන්ගේද මාර්ගයෙහි හැසුරුණෝය.
18තවද රෙහොබොවම් දාවිත්ගේ පුත්‍රවූ යෙරිමොත්ගේද යෙස්සේගේ පුත්‍රවූ එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේද දූවූ මාහලත් භාර්යාව කොට පාවාගත්තේය.
19ඈ යෙවූෂ්ද ෂෙමරියාද සාහම්ද යන පුත්‍රයන් ඔහු නිසා බිහිකළාය.
20ඈට පසුව ඔහු අබ්සලොම්ගේ දූවූ මයකා පාවාගත්තේය; ඈ අබියාද අත්තයිද සීසාද ෂෙලොමිත්ද ඔහු නිසා බිහිකළාය.
21රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.
22රෙහොබොවම් වනාහි මයකාගේ පුත්‍රවූ අබියා රජකමට පත්කරන්නට සිතා ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත්කෙළේය.
23ඔහු නුවණින් හැසිර, තමාගේ සියලු පුත්‍රයන්ගෙන් කීපදෙනෙක් යුදාහිත් බෙන්යමින්හිත් පළාත් මුළුල්ලෙහි එනම් සියලු බලකොටු නුවරවලට බෙදා යවා, බොහෝසෙයින් ඔවුන්ට ආහාර දුන්නේය. ඔවුන්ට බොහෝ භාර්යාවන්ද සොයාදුන්නේය.