Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
11 verses
1යුදාහි රජවූ යෙහෝෂාපාට් යෙරුසලමේ තමාගේ ගෙට සමාදානයෙන් හැරීගියේය.
2නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් ඔබට යුතුද? මේ කාරණය නිසා ඔබ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.
3එසේ වුවත් ඔබ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට ඔබේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා ඔබට ඇත්තේයයි කීවේය.
4යොහෝෂාපාට් යෙරුසලමෙහි වාසය කෙළේය. ඔහු නැවත බෙයෙර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳුරට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් හරවාගත්තේය.
5ඔහු යුදා දේශයේ සියලු බලකොටු නුවරවල නුවරක් නුවරක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කථාකොට:
6ඔබ සැම කරන්නේ මොකද කියා බලාගන්න. මක්නිසාද ඔබ සැම විනිශ්චයකරන්නේ මනුෂ්‍යයා උදෙසා නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; විනිශ්චයේදී උන්වහන්සේ ඔබ සැම සමඟ වනසේක.
7එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව ප්‍රවේසමින් ක්‍රියාකරන්න; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අයුක්තියක්වත් මනුෂ්‍යයන්ගේ තරාතිරම් බැලීමක්වත් අල්ලස් ගැනීමක්වත් නැතැයි විනිශ්චයකාරයන්ට කීවේය.
8තවද යෙහෝෂාපාට් ලෙවීවරුන්ගෙන්ද පූජකයන්ගෙන්ද ඉශ්රායෙල් පියවංශවල ප්‍රධානීන්ගෙන්ද සමහරෙකුන් ස්වාමීන්වහන්සේගේ විනිශ්චය උදෙසාත් පැමිණිලි උදෙසාත් යෙරුසලමෙහි සිටෙවුවේය. ඔව්හු යෙරුසලමට හැරී ආවෝය.
9ඔහු ඔවුන්ට අණකොට: ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව විශ්වාසකමින්ද සම්පූර්ණ සිතින්ද මෙසේ කරන්න.
10තමුන්ගේ නුවරවල වාසය කරන ඔබ සැමගේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැනවත් ව්‍යවස්ථාව සහ ආඥාව ගැනවත් පනත් හා විනිශ්චයයන් ගැනවත් ඔබ සැම වෙතට පැමිණෙන සියලු පැමිණිලිවලදී ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදකාරයන් නොවන පිණිසත්, ඔබ සැම සහ ඔබ සැමගේ සහෝදරයන් කෙරෙහි උදහස නොපැමිණෙන පිණිසත්, ඔවුන්ට අවවාදකරන්න. ඔබ සැම වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න.
11මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියා��� රජුගේ සියලු කාරණා ගැන යුදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද ඔබ සැමගේ ප්‍රධානියෝය. ලෙවීවරුද ඔබ සැම ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය.