Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩිවෙන කල, දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය.
2එවිට දොළොස්දෙනා ගෝල සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවයකිරීම සුදුසු නැත.
3එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න.
4අපි වනාහි යාච්ඤාවෙහිද වචනයේ මෙහෙකිරීමෙහිද ස්ථිරලෙස යෙදී සිටින්නෙමුයයි කීවෝය.
5ඒ කීම මුළු සමූහයාට ප්‍රියවිය. එවිට ඔව්හු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක් වන ස්තේපන්ද පිලිප්ද ප්‍රොකොරස්ද නිකනොර්ද තීමොන්ද පර්මෙනස්ද යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්ද තෝරාගෙන,
6ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය.
7තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.
8ස්තේපන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව, පුදුමද හාස්කම්ද සෙනඟ අතරේ සිදුකෙළේය.
9එහෙත් ලිබර්තීනයන්ගේ සිනගෝගය කියන සිනගෝගයට අයිතිවූවන්ගෙන්ද කිරේනියයන්ගෙන්ද අලෙක්ෂන්ද්‍රියයන්ගෙන්ද කිලිකිය සහ ආසියාවේ වැසියන්ගෙන්ද සමහරෙක් නැගිට ස්තේපන් සමඟ විවාදකළෝය.
10ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයාණන් කරණකොටගෙනද කළ කථාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකිවිය.
11එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව අපහාස වචන කියනවා ඇසුවෙමුයයි කියන්ට ඔව්හු මනුෂ්‍යයන් පෙළෙඹවුවෝය.
12තවද ඔව්හු සෙනඟද වැඩිමහල්ලන්ද ලියන්නන්ද කලඹා, ඔහුට විරුද්ධව ඇවිත් ඔහු අල්ලා මන්ත්‍රණ සභාවට ගෙනැවිත්:
13මේ මනුෂ්‍යයා මේ ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධව කථාකිරීම නොනවත්වයි.
14කුමක්හෙයින්ද මේ නාසරිය යේසුස් මේ ස්ථානය කඩාදමා, මෝසෙස් විසින් අපට භාරදුන් නියෝග වෙනස්කරනවා ඇතැයි ඔහු කියනවා ඇසීමුයයි කියන්නාවූ බොරු සාක්ෂිකාරයන් පැමිණෙවුවෝය.
15මන්ත්‍රණ සභාවේ ඉඳගන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙළා සිටියදී, ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුණේය.