Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1ස්වාමීන්වහන්සේ පූජාසනය ළඟ සිටිනවා දුටිමි. උන්වහන්සේ කථාකොට: උළුවහු සෙලවෙන හැටියට පේකඩවලට ගසා, ඒවා ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩාදමන්න; ඔවුන්ගෙන් ඉතිරිවෙන්නන් කඩුවෙන් මරන්නෙමි. ඔවුන්ගෙන් කිසිවෙක් පලා නොයන්නේය, ඔවුන්ගෙන් කිසිවෙක් නොගැළවෙන්නේය.
2ඔවුන් පාතාලය දක්වා හාරාගන ගියත් එතැනින් මාගේ අත ඔවුන් අරගන්නවා ඇත; ඔවුන් අහසට නැඟුණත් එතැනින් මම ඔවුන් පහතට හෙළන්නෙමි.
3ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.
4ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.
5මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.
6උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝතලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.
7ඉශ්රායෙල් පුත්‍රයෙනි, නුඹලා මා ඉදිරියෙහි කූෂ්වරුන්ගේ පුත්‍රයින්ට සමාන නොවෙත්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් ඉශ්රායෙල්වරුන් මිසර දේශයෙන්ද පිලිස්තිවරුන් කප්තොර් සිටද අරාම්වරුන් කීර් කෙරෙන්ද ගෙනාවා නොවේද?
8බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඇස් පාපිෂ්ඨවූ රාජ්‍යය දෙසට යොමා තිබේ, මම එය භූමිය මතුපිටින් විනාශකරන්නෙමි; එහෙත් යාකොබ් වංශය සහමුලින්ම විනාශ නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
9කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.
10ඒ විපත්තිය ළංවී අප පිටට නොපැමිණෙන්නේයයි කියන්නාවූ, මාගේ සෙනඟගෙන් පව්කාරයෝව සිටින්නාවූ සියල්ලෝ කඩුවෙන් මැරෙන්නෝය.
11ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,
12වැටී තිබෙන දාවිත්ගේ මණ්ඩපය මම ඒ කාලයේදී පිහිටුවා, එහි කපොලු අහුරා, කඩාදමා තිබෙන දේද පිහිටුවා, පුරාණයේ දවස්වල මෙන් ඒක ගොඩනගන්නෙමියි මෙය කරන ස්වාමීන්වහන්සේ කියනසේක.
13හීහාන්නා ගොයම් කපන්නාටත් මුද්‍රිකඵල මඩින්නා බීජ වපුරන්නාටත් කිට්ටුවෙන දවස් පැමිණෙන්නේය; කඳු මිහිරි මිදිපැන් වස්වන්නේය, සෑම හෙල් දියවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14මම මාග��� සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.
15මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.