Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි.
2නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය.
3මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
4පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.
5තවද හිරු උදාවන්නේය, හිරු බැස යන්නේය, ඒක උදාවුණ තැනටම නැවත ඉක්මනින් පැමිණෙන්නේය.
6සුළඟ දකුණු දිගට ගොස් උතුරට හැරීයන්නේය; සුළඟ නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී ගොස් ඒකේ වටවූ ගමන්වලට නැවත පැමිණෙන්නේය.
7සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.
8හැම දේම වෙහෙසින් පූර්ණය; මනුෂ්‍යයෙකුට ඒක විස්තරකරන්ට බැරිය. දැකීමෙන් ඇස තෘප්තියට පැමිණෙන්නේවත් ඇසීමෙන් කන පිරීයන්නේවත් නැත.
9මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්ට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත.
10මෙන්න, මේක අමුතුයයි මනුෂ්‍යයන් විසින් කියන්ට කිසිවක් ඇද්ද? ඒක අපට පළමුවෙන්වූ පුරාණ කාලවල තිබුණේය.
11පළමු සිටි අය ගැන සිහිවීමක් නැත; මතු පැමිණෙන පරම්පරා ගැනද ඉන් පසුව එන්නන් අතරේ සිහිවීමක් නොවන්නේය.
12දේශනාකාරයා වන මම ඉශ්රායෙල් කෙරෙහි යෙරුසලමෙහි රජව සිටියෙමි.
13මම අහස යට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවෙන් සොයා විභාගකරන්ට මාගේ සිතයොමුකෙළෙමි. ඒ වනාහි ව්‍යාවෘතවීමට දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන අමාරු වැඩක්ය.
14ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි; ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.
15ඇද දේ කෙළින්කරන්ට බැරිය. නැති දේ ගණින්ටද නොහැකිය.
16මම මාගේ සිත සමඟ කථාකොට: මට පළමුවෙන් යෙරුසලමෙහි සිටි සියල්ලන්ට වඩා මහත් ප්‍රඥාව ලබාගතිමි. එසේය, මාගේ සිතට ප්‍රඥාවත් දැනගැන්මත් ගැන බොහෝ අත්දැකීම ලැබුණේයයි කීමි.
17මෙසේ ප්‍රඥාව දැනගන්ටත් මෝහය හා අඥානකම දැනගන්ටත් මාගේ සිත යොමුකෙළෙමි. එවිට මේකත් හිස්වූ උත්සාහයක් බව දැනගතිමි.
18මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය.