Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
12 verses
1ඉර යට මා දුටුවාවූ වරදක් තිබේ, එය මනුෂ්‍යයන් කෙරෙහි මහත් බරක්ව තිබේ.
2මනුෂ්‍යයෙක් ආශාවෙන කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සම්පත්ද ගෞරවයද දෙන නුමුත්, ඒවා භුක්තිවිඳින්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා භුක්තිවිඳින්නේය. මේක නිෂ්ඵලකමක්ය, බලවත් ආබාධයක්ය.
3මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.
4මක්නිසාද එය නිෂ්ඵල ලෙස පැමිණ අන්ධකාරයට යයි, ඒකේ නමද අන්ධකාරයෙන් වසනු ලබන්නේය;
5තවද ඒක ඉර දුටුවේවත් දැනගත්තේවත් නැත; ඔහුට වඩා එයට නිශ්චලය තිබේ.
6එසේය, ඔහු සැපය භුක්ති නොවිඳ අවුරුදු දෙදහසක් ජීවත්වෙතත්, සියල්ලන් එක තැනකට යනවා නොවේද?
7මනුෂ්‍යයාගේ මුළු වෙහෙසීම ඔහුගේ කට උදෙසාය, එහෙත් ඔහුගේ ආශාව පූර්ණ නොවේ
8මක්නිසාද අඥානයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද? ජීවත්වෙන්නන් ඉදිරියෙහි හැසිරෙන්ට දන්න දුප්පතාටත් ඇති වාසිය කුමක්ද?
9සිත ආශාවෙන ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
10යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.
11මක්නිසාද නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද?
12මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?