Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
40 verses
1ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2මට පඬුරක් ගෙනෙන්ට ඉශ්රායෙල් පුත්‍රයන්ට කියන්න. තමාගේ සිත එළඹවන එක එක අයගෙන් මාගේ පඬුර ගන්න.
3ඔවුන්ගෙන් ඔබ සැම විසින් ගත යුතු පඬුර නම්-රන්, රිදී, සහ පිත්තලද;
4නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;
5රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම් සහ ෂිටිම් ලීද;
6එළිය පිණිස තෙල්, ආලේප තෛල සහ සුවඳදුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය,
7ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.
8මා ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා.
9මා විසින් ඔබට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.
10ඔව්හු ෂිටිම් ලීවලින් පෙට්ටියක් සාදත්වා. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වියයුතුය.
11ඔබ එය පවිත්‍ර රනින් වැසිය යුතුය, ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සෑදිය යුතුය.
12ඔබ ඒකට රන් වළලු සතරක් වාත්තුකොට ඒකේ පාද සතරේ තැබිය යුතුය; එක පැත්තකට වළලු දෙකක්ද අනික් පැත්තට වළලු දෙකක්ද වියයුතුය.
13ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් වසන්න.
14පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල තිබෙන වළලුවල ඒ පොලු දමන්න.
15පොලු පෙට්ටියේ වළලුවල වන්නේය. ඒවා එයින් අහක්කරනු නොලබන්නේය.
16මා විසින් ඔබට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.
17පවිත්‍ර රනින් කරුණාසනයක් සාදන්න; ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය යුතුය.
18රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න.
19එක් කෙළවරක කෙරුබයෙක්ද අනික් කෙළවර කෙරුබයෙක්ද බැගින් සාදන්න. ඔබ සැම කරුණාසනය හා සම්බන්ධකොට දෙකෙළවර පිට කෙරුබ්වරුන් සෑදිය යුතුය.
20කෙරුබ්වරුන්ගේ පියාපත්වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එ���ිනෙකා දෙසට තිබේවා; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට තිබේවා.
21කරුණාසනය පෙට්ටිය පිට ඉහළින් තබන්න; මා විසින් ඔබට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.
22මම එහිදී ඔබට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් ඔබ ලවා ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන ඔබ සමඟ කථාකරන්නෙමි.
23ෂිටිම් ලීවලින් මේසයක්ද සාදන්න. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක් රියනක්ද ඒකේ උස එක් රියන් හමාරක්ද විය යුතුය.
24ඒක පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සාදන්න.
25වටකරින් ඊට අල්ලක පළල ඇති පටියක්ද සාදා ඒ පටිය වටේ රන් ලීස්තරයක් සාදන්න.
26ඊට රන් වළලු සතරක් සාදා එහි කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දමන්න.
27මේසය ගෙනයන පිණිස පොලු තැබීමට ඒ වළලු පටිය ළඟම තිබිය යුතුය.
28මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසන්න.
29ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ කෙණ්ඩිද ඒකේ පාත්‍රාද ඒවායින් වත්කරන පිණිස පවිත්‍ර රනින් සාදන්න.
30පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.
31පවිත්‍ර රනින් පහන් රුකක් සාදන්න. අඩියද කඳද ඇතුළුව පහන් රුක තළා සාදනු ලැබිය යුතුය; ඒකේ කුසලාන්ද මොට්ටුද මල්ද එක වැඩක් විය යුතුය.
32එහි පැතිවලින් නික්මෙන අතු සයක් විය යුතුය; පහන් රුකේ එක පැත්තක අතු තුනක්ද අනික් පැත්තේ අතු තුනක්ද විය යුතුය.
33කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව එක අත්තකද කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව අනික් අත්තේද විය යුතුය. පහන්රුකෙන් නික්මෙන අතු සයේම එසේ විය යුතුය.
34පහන්රුකේ කොට්ටම්බා මල් සමානව සාදනලද පෙති කුසලාන් සතරක් ඒවායේ මොට්ටු සහ මල්ද සහිතව ඇතිවිය යුතුය.
35පහන්රුකෙන් නික්මෙන අතු සයට ඒකේ අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධවූ මොට්ටුවක්ද වන්නේය.
36ඒවායේ මොට්ටු සහ අතු ඊට සම්බන්ධ වන්නේය. ඒ සියල්ල තළනලද පවිත්‍ර රනින් කළ වැඩක් විය යුතුය.
37ඒකේ පහන් සතක් සාදන්න. ඔව්හු ඒක ඉදිරිපිටින් එළිය වැටෙන පිණිස ඒවා දල්වන්නෝය.
38ඒකේ කතුරුද කතුරු තැටිද පවිත්‍ර රනින් විය යුතුය.
39එයද මේ සියලු භාජනද පවිත්‍රවූ රන් තලෙන්තයකින් සෑදිය යුතුය.
40කන්දේදී ඔබට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.