Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
2බලව, මම යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා,
3දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්,
4බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත් සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද
5සියලු ආකාර කර්මාන්තවලට තේරුමද ලැබෙන ලෙස ඔහු දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කෙළෙමි.
6තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් ඔබට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.
7සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද ඒක පිට තබන කරුණාසනයද කූඩාරමේ සියලු බඩුද,
8මේසය සහ එහි භාජනද පවිත්‍ර පහන් රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,
9දවන පූජාවල පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද,
10විසිතුරුකළ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද,
11ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් ඔබට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.
12ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
13ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: සැබවින් ඔබ සැම මාගේ සබත් රක්ෂාකළ යුතුය. මක්නිසාද ඔබ සැම විශුද්ධකරන්නාවූ ස්වාමීන්වහන්සේ මමයයි ඔබ සැම දැනගන්නා පිණිස ඒක ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැම සහ මා අතරෙහි ලකුණක්ය.
14එබැවින් ඔබ සැම සබත් දවස රක්ෂාකරන්න; මක්නිසාද එය ඔබ සැමට ශුද්ධය. එය අශුද්ධකරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය. මක්නිසාද ඒ දවසෙහි යමෙක් යම් වැඩක් කෙරේද ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
15සදවසක් වැඩ කළ යුතුය; එහෙත් සත්වෙනි දවස ස්වාමීන්වහන්සේට ශුද්ධවූ ගරුමයවූ නිවාඩුව වන සබතක්ය. සබත් දවසේදී යම් වැඩක් කරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය.
16එබැවින් ඉශ්රායෙල් පුත්‍රයන් තමුන්ගේ පරම්පරාවල නිරන්තර ගිවිසුමක් කොට සබත් පවත්වමින් සබත් දවස රක්ෂාකළ යුතුය.
17එය සදාකාලයටම මා සහ ඉශ්රායෙල් පුත්‍රයන් අතරේ ලකුණක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් සදවසකින් සාදා සත්වෙනි දින නැවතී නිවාඩුගත්සේකැයි කියන්නැයි කීසේක.
18උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.