Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ සහ ඔබ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: ඔබේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.
2මම ඔබට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.
3ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. ඔබ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් ඔබ සැම විනාශනොකරන පිණිස ඔබ සැම අතරේ නොයන්නෙමියි කීසේක.
4සෙනඟ ඒ නපුරු ප්රවෘත්ති අසා වැලපුණෝය. කිසි මනුෂ්‍යයෙක්වත් තමාගේ ආභරණ පැළඳ නොගත්තේය.
5ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට-ඔබ සැම තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට ඔබ සැම අතරට පැමිණියෙම් නම් ඔබ සැම නැති කරදමන්නෙමි. එබැවින් ඔබ සැමට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් ඔබ සැමගේ ආභරණ ඔබ සැම වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.
6ඉශ්රායෙල් පුත්‍රයෝද හොරේබ් කන්දේ පටන් ඉන් ඉදිරියට තමුන්ගේ ආභරණ ගළවාගන ගියෝය.
7මෝසෙස් කූඩාරම ගෙන කඳවුරෙන් පිටත කඳවුරට ඈතින් පිහිටුවන්ට පුරුදුව සිටියේය; ඔහු ඊට සම්මුඛවීමේ කූඩාරමයයි නම් තැබුවේය. තවද ස්වාමීන්වහන්සේ සොයන හැමදෙනාම කඳවුරෙන් පිට තිබුණු සම්මුඛවීමේ කූඩාරම ළඟට ගියෝය.
8මෝසෙස් කූඩාරම ළඟට පිටතට ගිය කල මුළු සෙනඟ නැගිට එක එක මනුෂ්‍යයා තම තමාගේ කූඩාරමේ දොරකඩ සිට මෝසෙස් කූඩාරමට ඇතුල්වන තෙක් ඔහු දෙස බලා සිටියෝය.
9මෝසෙස් කූඩාරමට ඇතුල්වූ කල්හි වලාටැඹ බැස කූඩාරමේ දොරකඩ ළඟ සිටියේය. ස්වාමීන්වහන්සේද මෝසෙස් සමඟ කථාකළසේක.
10වලාටැඹ කූඩාරමේ දොරකඩ ළඟ සිටිනවා දුටු විට මුළු සෙනඟ නැගිට එක එක අය තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට නමස්කාර කළෝය.
11මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථාකරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ කථාකළසේක. ඔහු නැවත කඳවුරට හැරී ආයේය. නුමුත් නූන්ගේ පුත්‍රවූ තරුණයෙක් වන ඔහුගේ සේවකයාවූ යෝෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය.
12මෝසෙස��� ස්වාමීන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබවහන්සේ-මේ සෙනඟ ගෙන යන්නැයි මට කී නුමුත් මා සමඟ යවන්නේ කවරෙක්දැයි මට නොදැන්වූසේක. එසේවීනුමුත්: නාමයෙන් ඔබ අඳුනමියි කියාත් මා ඉදිරියෙහි ඔබට කරුණාව ලැබුණේය කියාත් ඔබ මට කීසේක.
13එබැවින් මට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව. මේ ජාතිය ඔබගේ සෙනඟ බවත් සැලකුව මැනවයි කීවේය.
14උන්වහන්සේද: මම්ම ඔබ සමඟ ගොස් ඔබට නිවාඩු දෙන්නෙමියි කීසේක.
15ඔහු: ඔබවහන්සේම නොයනසේක් නම් මෙතැනින් අප ගෙන නොගිය මැනව.
16මක්නිසාද මටත් ඔබගේ සෙනඟටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනඟද භූමිය මතුපිට සිටින මුළු සෙනඟ කෙරෙන් වෙන්කරනුලබන ලෙස අප සමඟ ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක.
17ස්වාමීන්වහන්සේද: ඔබ කී මේ දේත් කරන්නෙමි. මක්නිසාද ඔබට මා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ, නාමයෙන්ද ඔබ අඳුනමියි මෝසෙස්ට කීසේක.
18ඔහුද: අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනවයි කීවේය.
19උන්වහන්සේද: මම මාගේ සියලු ගුණවත්කම ඔබ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන්වහන්සේගේ නාමය ඔබ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; මම කරුණාකරන්ට කැමති තැනැත්තාට කරුණාකරන්නෙමි, මම දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමියි කීසේක.
20තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට ඔබට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.
21ස්වාමීන්වහන්සේද: බලව, මා ළඟ ස්ථානයක් තිබේ, ඔබ පර්වතය පිට සිටින්න.
22එවිට මාගේ තේජස ඔබ පසුකර යනකල මම ඔබ පර්වතයේ විවරයෙක්හි තබා මා ඔබ පසුකර යනතුරු මාගේ අතින් ඔබ වසන්නෙමි.
23මමද මාගේ අත අහකට ගන්නෙමි, එවිට ඔබ මාගේ පිටුපස දකින්නෙහිය. එහෙත් මාගේ මුහුණ දකිනු නොලබන්නේයයි කීසේක.