Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙවුවේය; එවිට ගෘහයේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලායන බව දුටිමි, මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය.
2එකල ඔහු මා උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට තිබුණු පිටත මාර්ගයෙන් පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙවුවේය; එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනවා දුටිමි.
3ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලනුව රැගෙන නැගෙනහිර දෙසට යමින් රියන් දහසක් මැන්නේය, එවිට ඔහු වතුර මැදින් එගොඩට මා ඇරියේය, වතුර වළලුකර දක්වා තිබුණේය.
4ඔහු තව දහසක් මැන වතුර මැදින් මා ඇරියේය, වතුර දණහිස් දක්වා තිබුණේය. ඔහු තව දහසක් මැන වතුර මැදින් මා ඇරියේය, වතුර ඉඟටිය දක්වා තිබුණේය.
5ඔහු තව දහසක් මැන්නේය; එවිට ඒවා මට බැසයන්ට බැරි ගඟක්ව තිබුණේය. මක්නිසාද බැසයන්ට බැරි ගඟක්ව පීනන්ට උවමනා තරමට වතුර උස්වී තිබුණේය.
6එවිට ඔහු: මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහිදැයි මාගෙන් අසා, මා කැඳවාගන නැවත ගඟබඩට මා පැමිණෙවුවේය.
7මම හැරී ගිය කල, ගඟබඩ දෙපැත්තෙන්ම බොහෝ ගස් තිබෙනවා දුටිමි.
8ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.
9මේ ගංගා පැමිණෙන සෑමතැනම රාශි ගණන් පණ ඇති සියලුම සත්වයෝ ජීවත්වන්නෝය; එසේ මත්ස්‍යයන් මහත් ගණනක් හටගන්නවා ඇත. මක්නිසාද මේ වතුර එහි පැමුණුණාම අනික් ඒවා හොඳවන්නේය, ගංගාව ගලන කොතැනක නුමුත් ඉන්න සියල්ලන් ජීවත්ව සිටිනවා ඇත.
10මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය
11නුමුත් ඒකේ හැල්පත් සහ පොකුණුද හොඳ නොවී, ලුණු ගන්නා පිණිස හරිනු ලබන්��ේය.
12ගඟ ළඟ දෙපැත්තේම එහි අද්දර සියලු ආකාර ඵල-ගස් වැවෙන්නේය; ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් නැතුව, හැම මාසයේම අලුත් ඵල දරන්නේය, මක්නිසාද ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන්ම නික්ම එන්නේය. ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ සුවකිරීම පිණිසත් වන්නේය.
13ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල් ගෝත්‍ර දොළසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමාවේ හැටියටය-යෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේය.
14නුඹලාගෙන් එක්කෙනෙකුට මෙන් තවත් කෙනෙකුට ඒක උරුමවන්නේය; මක්නිසාද නුඹලාගේ පියවරුන්ට ඒක දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයක් පිණිස නුඹලාට ලැබෙන්නේය.
15දේශයේ සීමාව මෙසේය: උතුරු දිශාවේ මහ මුහුදේ සිට ශෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන හමාත්ද බේරෝතාද
16දමස්කයේ සීමාවටත් හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම්ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර්ද යන ඒවාය.
17මෙසේ මුහුදේ සිට සීමාව හශර්-ඒනොන් සහ දමස්කයේ සීමාවත්ය, උතුරු දිශාවේ උතුරට හමාත්හි සීමාවත්ය. උතුරු පැත්ත ඒකය.
18නැගෙනහිර පැත්ත වනාහි හවුරාන්ටත් දමස්කයටත් ගිලියද්ටත් ඉශ්රායෙල් දේශයටත් අතරේ යොර්දාන වන්නේය; උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්තය.
19දකුණු දිශාවේ පැත්ත නම් තාමාර් පටන් මෙරීබොත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු පැත්ත ඒකය.
20බස්නාහිර පැත්ත නම් සීමාවේ පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මහ මුහුදය. බස්නාහිර පැත්ත ඒකය.
21මේ දේශයද ඉශ්රායෙල් ගෝත්‍ර ප්‍රකාරයට නුඹලා අතරේ බෙදාගන්න.
22නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.
23විදේශියා වාසයකරන ගෝත්‍රය අතරේම ඔහුගේ උරුමය ඔහුට දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.