Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
70 verses
1බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් අල්ලා බබිලෝනියට ගෙනයනලද්දවුන්ගෙන් වාල්කමින් මිදී, යෙරුසලමටත් යුදාහි තම තමුන්ගේ නුවරවලටත්
2සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද සෙරායාද රේලායාද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පාර්ද බිග්වායිද රෙහුම්ද බානාද සමඟ හැරී ආවාවූ රටේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:
3පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.
4ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑ දෙදෙනෙක්ය.
5ආරාගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑ පස්දෙනෙක්ය.
6පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස් දෙනෙක්ය.
7ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.
8ශට්ටුගේ පුත්‍රයෝ නවසිය හතළිස් පස් දෙනෙක්ය.
9ශක්කායිගේ පුත්‍රයෝ හත්සිය හැට දෙනෙක්ය.
10බානීගේ පුත්‍රයෝ හසිය හතළිස් දෙදෙනෙක්ය.
11බෙබායිගේ පුත්‍රයෝ හසිය විසිතුන් දෙනෙක්ය.
12අස්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක්ය.
13අදොනිකාම්ගේ පුත්‍රයෝ හසිය හැට හදෙනෙක්ය.
14බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් පනස් හදෙනෙක්ය.
15ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පනස් හතර දෙනෙක්ය.
16හෙසකියාගෙන්වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූ අට දෙනෙක්ය.
17බේශායීගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන් දෙනෙක්ය.
18යෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.
19හාෂූම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.
20ගිබ්බාර්හි පුත්‍රයෝ අනුපස් දෙනෙක්ය.
21බෙත්-ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන් දෙනෙක්ය.
22නෙටොපාහි මනුෂ්‍යයෝ පනස් හදෙනෙක්ය.
23අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅට දෙනෙක්ය.
24අස්මාවෙත්හි පුත්‍රයෝ හතළිස් දෙදෙනෙක්ය.
25කිරියත්-ආරිමෙත් කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස් තුන් දෙනෙක්ය.
26රාමාහිත් ගෙබාහිත් පුත්‍රයෝ හසිය විසි එක්දෙනෙක්ය.
27මීක්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසි දෙදෙනෙක්ය.
28බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.
29නෙබෝහි පුත්‍රයෝ පනස් දෙදෙනෙක්ය.
30මග්බීෂ්හි පුත්‍රයෝ එකසිය පනස් හදෙනෙක්ය.
31අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.
32හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසි දෙනෙක්ය.
33ලොද්හිද හාදීද්හිද ඕනෝහිද පුත්‍රයෝ හත්සිය විසිපස් දෙනෙක්ය.
34යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස් පස් දෙනෙක්ය.
35සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හසිය තිස්දෙනෙක්ය.
36පූජකයෝ නම්: යේෂුවාගේ වංශයේ යෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑ තුන් දෙනෙක්ය.
37ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස් දෙදෙනෙක්ය.
38පෂ්හූර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස් හත් දෙනෙක්ය.
39හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත් දෙනෙක්ය.
40ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන්වූ යේෂුවාගේද කද්මීයෙල්ගේද පුත්‍රයෝ හැත්තෑ හතර දෙනෙක්ය.
41ගීතිකාකාරයෝවූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅට දෙනෙක්ය.
42දොරටුපාලයන්ගේ පුත්‍රයෝ එනම් ෂල්ලුම්ගේ පුත්‍රයෝද ආටෙර්ගේ පුත්‍රයෝද ටල්මොන්ගේ පුත්‍රයෝද අක්කූබ්ගේ පුත්‍රයෝද හටීටාගේ පුත්‍රයෝද ෂොබයිගේ පුත්‍රයෝද යන සියල්ලෝ එකසිය තිස්නව දෙනෙක්ය.
43නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය;
44කේරොස්ගේ පුත්‍රයෝය, සියහාගේ පුත්‍රයෝය, පාදොන්ගේ පුත්‍රයෝය;
45ලෙබානාගේ පුත්‍රයෝය, හගාබාගේ පුත්‍රයෝය, අක්කූබ්ගේ පුත්‍රයෝය;
46හාගාබ්ගේ පුත්‍රයෝය, ෂම්ලායිගේ පුත්‍රයෝය, හානාන්ගේ පුත්‍රයෝය;
47ගිද්දෙල්ගේ පුත්‍රයෝය; ගහර්ගේ පුත්‍රයෝය, රෙයායාගේ පුත්‍රයෝය;
48රෙශින්ගේ පුත්‍රයෝය, නෙකෝදාගේ පුත්‍රයෝය, ගස්සාම්ගේ පුත්‍රයෝය;
49උස්සාගේ පුත්‍රයෝය, පාසේයාගේ පුත්‍රයෝය, බේසයිගේ පුත්‍රයෝය;
50අස්නාගේ පුත්‍රයෝය, මෙයූනිම්ගේ පුත්‍රයෝය, නෙපීසිම්ගේ පුත්‍රයෝය;
51බක්බූක්ගේ පුත්‍රයෝය, හකුපාගේ පුත්‍රයෝය, හර්හූර්ගේ පුත්‍රයෝය;
52බශ්ලූත්ගේ පුත්‍රයෝය, මෙහිදාගේ පුත්‍රයෝය, හර්ෂාගේ පුත්‍රයෝය;
53බර්කොස්ගේ පුත්‍රයෝය, සීසෙරාගේ පුත්‍රයෝය, තෙමාගේ පුත්‍රයෝය;
54නෙශීයාගේ පුත්‍රයෝය, හටීපාගේ පුත්‍රයෝය.
55සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝය, හස්සොපෙරෙත්ගේ පුත්‍රයෝය, පෙරුදාගේ පුත්‍රයෝය;
56යයලාගේ පුත්‍රයෝය, දර්කොන්ගේ පුත්‍රයෝය, ගිද්දෙල්ගේ පුත්‍රයෝය;
57ෂෙපටියාගේ පුත්‍රයෝය, හට්ටීල්ගේ පුත්‍රයෝය, පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝය, ආමීගේ පුත්‍රයෝය.
58නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.
59තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මේර් යන ස්ථානවල සිට ආවාවූ, තමුන් ඉශ්රායෙල්වරුන් බවට තමුන්ගේ පිය පෙළපතත් තමුන්ගේ වංශයත් පෙන්වන්ට බැරිවුණාවූ අය නම්:
60දෙලායාගේ පුත්‍රයෝද ටෝබියාගේ පුත්‍රයෝද නෙකෝදාගේ පුත්‍රයෝද යන මොව්හු හසිය පනස් දෙදෙනෙක්ය.
61පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.
62මොව්හු පෙළපත් වශයෙන් ගණන් ගන්නාලද ලේඛනයෙහි තමුන්ගේ නම් සෙවූ නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් අහක්කරනු ලැබුවෝය.
63ඌරීම්. සහ තුම්මීම් දරන පූජකයෙක් නැගිටිනතුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට තීර්ෂාතා. තෙමේ ඔවුන්ට කීවේය.
64මුළු සභාවේ ගණන වනාහි හතළිස් දෙදාස් තුන්සිය හැටක්ය.
65ඒ හැර ඔවුන්ගේ වැඩකාරයොත් වැඩකාරියොත් හත්දාස් තුන්සිය තිස්හත් දෙනෙක් සිටියෝය. ඔවුන් අතරේ ගී කියන මිනිස්සුත් ගී කියන ස්ත්‍රීහුත් දෙසියයක් සිටියෝය.
66ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස් හදෙනෙක්ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස් පස්දෙනෙක්ය;
67ඔවුන්ගේ ඔටුවෝ හාරසිය තිස්පස් දෙනෙක්ය; කොටළුවෝ හදාස් හත්සිය විසි දෙනෙක්ය.
68තවද පියවංශවල ප්‍රධානින්ගෙන් සමහරු යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමිණි කල්හි දෙවියන්වහන්සේගේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පුකළෝය.
69ඔව්හු තමුන්ගේ පුළුවන්කමේ හැටියට රන් දරික් මිල සැට එක් දහසක්ද රිදී රාත්තල් පන්දහසක්ද පූජක වස්ත්‍ර සියයක්ද කර්මාන්ත ගබඩාවට දුන්නෝය.
70මෙසේ පූජකයෝද ලෙවීවරුද සෙනඟගෙන් සමහරුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද නෙතිනීම්වරුද ස්වකීය නුවරවල විසුවෝය, සියලු ඉශ්‍රායෙල්වරුද ස්වකීය නුවරවල විසූහ.