Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1එකල අනාගතවක්තෘවූ හග්ගයිද ඉද්දෝගේ පුත්‍රවූ සෙකරියාද යන අනාගතවක්තෘවරු යුදාහිද යෙරුසලමෙහිද සිටි යුදෙව්වරුන්ට අනාගතවාක්‍ය කීවෝය. ඔව්හු ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට අනාගතවාක්‍ය පැවසුවෝය.
2එවිට ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද නැගිට යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තෝය; ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුද ඔවුන්ට උපකාරකරමින් සිටියෝය.
3ඒ කාලයේදී ගඟ මෙගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියාද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද ඔවුන් ළඟට ඇවිත් කථාකොට: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් ඔබ සැමට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
4එවිට ඔව්හු ඔවුන්ට මෙයාකාරයෙන් කථාකොට: මේ ස්ථානය ගොඩනගන මනුෂ්‍යයන්ගේ නම් මොනවාදැයි ඇසුවෝය.
5නුමුත් යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේගේ ඇස ඔවුන්ගේ වැඩිමහල්ලන් කෙරෙහි වූ හෙයින් ඒ කාරණය දාරියුෂ් වෙතට පැමිණ පසුව ඒ ගැන උත්තරයක් ලියා එවනතුරු ඔව්හු ඔවුන් නොනැවැත්තුවෝය.
6ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ මෙගොඩ සිටි අපර්සෙකාවරුන්වූ ඔහුගේ සහකාරයන්ද විසින් දාරියුෂ් රජුට යැවූ ලියුම් පිටපතය.
7මෙයාකාර ලියා තිබුණ පත්‍රයක් ඔව්හු ඔහුට ඇරියෝය. එනම්-දාරියුෂ් රජ්ජුරුවන්ට සියලු ආකාරයෙන් සමාදානය වේවා.
8රජ්ජුරුවන් වෙත දන්වා එවන වගනම්: අපි යුදා රටේ තිබෙන උතුම්වූ දෙවියන්වහන්සේගේ ගෘහයට ගියෙමුව, ඒක ලොකු ගල්වලින් ගොඩනගාගන යති, බිත්ති පිට ලී තබා තිබේ, මේ වැඩේ ඉක්මනින් කෙරී ඔවුන් අතේ දියුණුවෙයි.
9අපිද එහි වැඩිමහල්ලන්ගෙන් විභාගකර: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් ඔබ සැමට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෙමුව.
10ඔවුන්ට ප්‍රධානව සිටින මනුෂ්‍යයන්ගේ නම් ලියාගන ඔබට දන්වන පිණිස ඔවුන්ගේ නාම මොනවාද කියා ඔවුන්ගෙන් ඇසීමුව.
11ඔව්හු උත්තරදෙමින්: අපි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට ප්‍රථම ගොඩනගනලද්දාවූ, ඉශ්රායෙල්හි මහත් රජෙකු විසින් ගොඩනගා නිමකරනලද්දාවූ ගෘහය අපි නැවත ගොඩනගමුව.
12නුමුත් අපේ පියවරුන් විසින් ස්වර්ගයේ දෙවියන්වහන්සේ උදහස්කෙරෙවු බැවින් උන්වහන්සේ කල්දියවූ බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුද මේ ගෘහය විනාශකොට සෙනඟ බබිලෝනියට ගෙනගියේය.
13එහෙත් බබිලෝනියේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී දෙවියන්වහන්සේගේ මේ ගෘහය ගොඩනගන්ට කෝරෙෂ් රජ නියෝගයක් කෙළේය.
14තවද නෙබුකද්නෙශර් යෙරුස���මෙහි තිබුණු මාලිගාවෙන් ගෙනගොස් බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් රිදී භාණ්ඩ කෝරෙෂ් රජු බබිලෝනියේ දේවාලයෙන් රැගෙන තමා විසින් දිශාධිපතියා කළාවූ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාරදී ඔහුට කථාකොට:
15මේ බඩු ගෙන ගොස් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙහි තබන්න, දෙවියන්වහන්සේගේ ගෘහයද ස්වකීය ස්ථානයෙහි ගොඩනගනු ලබාවයි කීවේය.
16එවිට එම ෂෙෂ්බශර් ඇවිත් යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තැබුවේය. එතැන් පටන් මේ ගෘහය ගොඩනගන්ට කෝරෙෂ් රජු විසින් නියෝගයක් කරනලදදැයි බබිලෝනියේ තිබෙන රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලවා මේ කාරණය ගැන රජ්ජුරුවන්ගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව කියාය.