Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
43 verses
1ඒදොම් නම්වූ ඒසව්ගේ පරම්පරාවල් මේය.
2ඒසව් කානාන්හි දූවරුන්ගෙන් හිත්තීය එලොන්ගේ දූවූ ආදාද හිවීය ශිබෙයොන්ගේ දූවූ අනාගේ දූවූ ඔහොලිබාමාද
3නෙබායොත්ගේ සහෝදරීවූ ඉෂ්මායෙල්ගේ දූවූ බාසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.
4ආදා ඒසව් නිසා එලිඵස් බිහිකළාය; බාසෙමත්ද රෙවුයෙල් බිහිකළාය;
5ඔහොලිබාමා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. කානාන් දේශයේදී ඒසව්ට උපන්නාවූ පුත්‍රයෝ මොව්හුය.
6ඒසව් තමාගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද තමාගේ ගෙයි සියලු මනුෂ්‍යයන්ද තමාගේ ගවයන්ද තමාගේ සියලු මෘගයන්ද කානාන් දේශයෙහිදී තමා සපයාගත් සියලු සම්පත්ද රැගෙන තමන් සහෝදරවූ යාකොබ්ගෙන් වෙන්ව වෙන දේශයකට ගියේය.
7මක්නිසාද ඔවුන්ට එක්ව වාසයකරන්ට නොහැකි තරමට ඔවුන්ගේ සම්පත් අධිකව තිබුණේය; ඔවුන් පොරොත්තුව සිටි දේශය ඔවුන්ගේ සිව්පාවුන් නිසා ඔවුන්ට ඉඩ මදි විය.
8ඒසව් වනාහි සේයීර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.
9සේයීර් කඳුකරයෙහි වූ ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පරම්පරාවල් මේය.
10ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිඵස්ය, ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්ය.
11එලිඵස්ගේ පුත්‍රයෝ තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස්ය.
12තිම්නා ඒසව්ගේ පුත්‍රවූ එලිඵස්ගේ උපභාර්යාව වූවාය; ඈ එලිඵස් නිසා අමලෙක් බිහිකළාය. ඒසව්ගේ භාර්යාවවූ ආදාගේ පුත්‍රයෝ මොව්හුය.
13රෙවුයෙල්ගේ පුත්‍රයෝ නහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය. ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝ මොව්හුය.
14ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.
15ඒසව්ගේ කුලුඳුල් පුත්‍රවූ එලිඵස්ගේ පුත්‍රයෝ අධිපතිවූ තේමාන්, අධිපතිවූ ඕමාර්, අධිපතිවූ ශෙපෝ, අධිපතිවූ කෙනස්,
16අධිපතිවූ කොරා, අධිපතිවූ ගයිතාම් සහ අධිපතිවූ අමලෙක්ය. මොව්හු ඒදොම් දේශයෙහි එලිඵස්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ආදාගේ පුත්‍රයෝය.
17ඒසව්ගේ පුත්‍රවූ රෙවුයෙල්ගේ පුත්‍රයෝ: අධිපතිවූ නහත්, අධිපතිවූ ශෙරා, අධිපතිවූ ෂම්මා සහ අධිපතිවූ මිස්සාය. මොව්හු ඒදොම් දේශයෙහි රෙවුයෙල්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝය.
18ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය.
19ඒදොම් නම්වූ ඒසව්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ අධිපතියෝද මොව්හුය.
20ඒ දේශයෙහි වාසයකළ හෝරියවූ සේයිර්ගේ පුත්‍රයෝ: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,
21දීෂොන්, එශෙර් සහ දීෂාන් යන මොව්හුය. මොව්හු ඒදොම් දේශයෙහිවූ සේයිර්ගේ දරුවන්වූ හෝරිවරුන්ගේ අධිපතියෝය.
22ලෝතාන්ගේ දරුවෝ හෝරී සහ හේමාම්ය; ලෝතාන්ගේ සහෝදරී තිම්නාය.
23ෂෝබාල්ගේ දරුවෝ අල්වාන්, මානගත් සහ ඒබාල්ය, ෂෙඵෝ සහ ඕනාම්ය.
24ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනාය. තමාගේ පියවූ ශිබෙයොන්ගේ කොටළුවන් වනයෙහි ගොදුරු කවද්දී උණු දිය උල්පත් සම්බවුණේ මේ අනාටය.
25අනාගේ දරුවෝ දීෂොන් සහ අනාගේ දූවූ ඔහොලිබාමාය.
26දීෂොන්ගේ දරුවෝ හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන්ය.
27ඒශෙර්ගේ දරුවෝ බිල්හන්, සයවාන් සහ අකාන්ය.
28දීෂාන්ගේ දරුවෝ ඌෂ් සහ අරාන්ය.
29හෝරිවරුන්ගෙන් පැමිණි අධිපතියෝ: අධිපතිවූ ලෝතාන්, අධිපතිවූ ෂෝබාල්, අධිපතිවූ ශිබෙයොන්, අධිපතිවූ අනා,
30අධිපතිවූ දීෂොන්, අධිපතිවූ එශෙර් සහ අධිපතිවූ දීෂාන්ය. මොව්හු සේයිර් දේශයෙහි තමන් අධිපතීන්ගේ ක්‍රමයෙන් හෝරිවරුන්ගෙන් පැවත ආවාවූ අධිපතියෝය.
31ඉශ්‍රායෙල්ගේ පුත්‍රයන් කෙරෙහි යම් රජෙකු රජකම්කරන්ට පූර්වයෙන් ඒදොම් දේශයෙහි රජකම්කළ රජවරු මොව්හුය.
32බෙයොර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම්කෙළේය; ඔහුගේ නුවර නම දින්හාබාය.
33බෙලා මළේය, ඔහු වෙනුවට බොශ්රායේ ශෙරාගේ පුත්‍රවූ යෝබාබ් රජකම්කෙළේය.
34යෝබාබ් මළේය, ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම්කෙළේය.
35හුෂාම් මළේය, ඔහු වෙනුවට මෝවබ්ගේ කෙතේදී මිදියන්වරුන්ට පහරදුන් බෙදද්ගේ පුත් හදද් රජකම්කෙළේය. ඔහුගේ නුවරේ නම අවිත්ය.
36හදද් මළේය, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම්කෙළේය.
37ෂම්ලා මළේය, ඔහු වෙනුවට ගංගාව ළඟ රෙහොබොත්හි ෂාවුල් රජකම්කෙළේය.
38ෂාවුල් මළේය, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හානන් රජකම්කෙළේය.
39අක්බොර්ගේ පුත්‍රවූ බාල්-හානන් මළේය, ඔහු වෙනුවට හදර් රජකම්කෙළේය. ඔහුගේ නුවරේ නම පායූය; ඔහුගේ භාර්යාවගේ නාමය මෙහෙතාබල්ය, ඈ මෙසාහබ්ගේ දූවූ මත්රෙද්ගේ දූය.
40තම තමන්ගේ පෙළපත් සහ ඉඩම් ප්‍රකාරයට නාම වශයෙන් ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමවල් නම්: අධිපතිවූ තිම්නා, අධිපතිවූ අල්වා, අධිපතිවූ යෙතේත්;
41අධිපතිවූ ඔහොලිබාමා, අධිපතිවූ ඒලා, අධිපතිවූ පීනොන්;
42අධිපතිවූ කෙනස්, අධිපතිවූ තේමාන්, අධිපතිවූ මිබ්ශාර්;
43අධිපතිවූ මග්දීයෙල් සහ අධිපතිවූ ඊරාම්ය. තම තමන් සන්තක දේශයෙහි තමන්ගේ වාසස්ථාන ප්‍රකාරයට ඒදොම්හි අධිපතියෝ මොව්හුය. මෙය ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පෙළපතය.