Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
11 verses
1එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.
2දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.
3එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.
4අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය.
5එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය.
6මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි.
7නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.
8ගිලියද් අපරාධකාරයන්ගේ නුවරක්ය, ලේමය අඩිවලින් එය පිරී තිබේ.
9කොල්ලකාර සමුදාවල් මනුෂ්‍යයෙකු ගැන රැකසිටින්නාක්මෙන් පූජක සභාව ෂෙකෙම්ට යන මාර්ගයෙහි මිනී මරති. එසේය, ඔවුන් සල්ලාලකම් කර තිබේ.
10ඉශ්රායෙල් වංශය අතරෙහි භයංකර දෙයක් මා විසින් දැක තිබේ. එහි එප්‍රායිම්ගේ වේශ්‍යාකම ඇත්තේය, ඉශ්රායෙල් අපවිත්‍රවී සිටින්නේය.
11මම මාගේ සෙනඟගේ වහල්කම පහකරන විට, එම්බා යූදා, නුඹටත් ගොයම් කැපීමක් පැමිණෙන්ට නියමකර තිබේ.