Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
7 verses
1ඵාරාවෝ ගාසාට පහරදෙන්ට පළමුවෙන් පිලිස්තිවරුන් ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
2ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, වතුරු උතුරෙන් ගලා ඇවිත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි පූර්ණකමද නුවර සහ එහි වැසියන්ද උඩින් ගලායන්නේය. මනුෂ්‍යයෝද කෑගසන්නෝය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝය.
3ඔහුගේ බලවතුන්ගේ කුර ගැසීමේ ශබ්දයටත් ඔහුගේ රථවල ඝෝෂාවටත් ඔහුගේ චක්රවල ගිගිරීමටත් තමුන්ගේ අත් හෙළා වැටෙන බැවින් පියවරු දරුවන් දෙසට නොහැරෙන්නෝය.
4මෙසේ වෙන්නේ ඉතිරිවූ සියලු උපකාරකාරයන් තීර් සහ සීදොන් කෙරෙන් සිඳදමන පිණිස සියලු පිලිස්තිවරුන් නාස්තිකිරීමට පැමිණෙන දවස නිසාය. මක්නිසාද කප්තෝර් ද්වීපයෙන් ඉතිරිව සිටින්නන් වන පිලිස්තිවරුන් ස්වාමීන්වහන්සේ නාස්තිකරනසේක.
5ගාසාට මුඩුකම පැමිණියේය; අෂ්කෙලෝන් සහ ඔවුන්ගේ මිටියාවතෙන් ඉතිරි පංගුව නාස්තිවිය. නුඹ කොපමණ කල් ශරීරය කපාගන්නෙහිද?
6එම්බා ස්වාමීන්වහන්සේගේ කඩුව, නුඹ කොපමණ කල් නිශ්චල නොවී සිටින්නෙහිද? නුඹේ කොපුවට ඇතුල් වී නැවතී නිකම් හිඳින්න.
7නුඹ කෙසේ නිශ්චලවන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ අෂ්කෙලෝන්ටත් මුහුදුබඩටත් විරුද්ධව ඊට ආඥාවක් දී, එතනට ඒක පත්කළසේක.