Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1බලව, මේ සියල්ල මාගේ ඇසින් දැක, මාගේ කනින් අසා තේරුම්ගතිමි.
2ඔබ සැම දන්නා දේ මමත් දනිමි. මම ඔබ සැමට අඩු නැත.
3සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.
4ඔබ සැම නම් බොරු ගොතන්නෝය, ඔබ සැම සියල්ලෝම නොවටිනා වෙද්දුය.
5ඔබ සැම නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය ඔබ සැමට ප්‍රඥාව වන්නේය
6ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.
7ඔබ සැම දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?
8ඔබ සැම උන්වහන්සේගේ තරම බලනවාද? දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද?
9උන්වහන්සේ ඔබ සැම විමසා බැලුවොත් හොඳද? නොහොත් මනුෂ්‍යයෙකු රවටන්නාක්මෙන් උන්වහන්සේ රවටන්නට ඔබ සැමට පුළුවන්ද?
10ඔබ සැම රහසින් තරාතිරම බලනවානම් උන්වහන්සේ ඔබ සැමට දඬුවම් කරනවාම ඇත.
11උන්වහන්සේගේ මහිමතාව ඔබ සැම භය නොගන්වන්නේද? උන්වහන්සේගේ භයංකරකම ඔබ සැම පිටට නොපැමිණෙන්නේද?
12ඔබ සැමගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, ඔබ සැමගේ බලකොටු මැටි බලකොටුය.
13නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.
14මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙක් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙක් මක්නිසාද?
15උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.
16මේකත් මාගේ ගැළවීම වන්නේය; මක්නිසාද අභක්තිකයෙක් උන්වහන්සේ ඉදිරියට නොඑන්නේය.
17මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද ඔබ සැමගේ කන්වල වැටේවා.
18මෙන්න, මම මාගේ විත්තිය පිළියෙළ කළෙමි; මා නිදොස්වෙන බව මම දනිමි.
19මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද? එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.
20කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.
21ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව; ඔබගේ භයංකරකම මා බිය නොකෙරේවා.
22එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි; නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව.
23මාගේ අපරාධ සහ පව් කොපමණද? මාගේ වරදත් මාගේ පාපයත් මට දැන්නුව මැනව.
24ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?
25හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද? වියළි ඉපනැල්ල පස්සෙන් එළවාගන යනසේක්ද?
26මක්නිසාද ඔබ මට විරුද්ධව කර්කශ කාරණා ලියනසේක, මාගේ යෞවන කාලයේ අයුතුකම්ද මගේ ගණනට තබනසේක.
27ක්ෂයවෙන්නාවූ දිරාගිය දෙයක් මෙන්ද කාවුන් කෑ වස්ත්‍රයක් මෙන්ද වෙම් නුමුත්,
28ඔබ මාගේ පාද දඬුකදේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.