Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
26 verses
1ඉන්පසු යෝබ් තමාගේ මුඛය හැර තමාගේ දවසට ශාපකෙළේය.
2යෝබ් කථාකොට මෙසේ කීවේය:
3මා උපන් දවසත් පිරිමි ළමයෙක් පිළිසිඳුණේය කී රාත්‍රියත් නැති වේවා.
4ඒ දවස අන්ධකාරය වේවා; දෙවියන්වහන්සේ ඉහළ සිට ඒක නොසලකා හරිනසේක්වා, ඒ කෙරෙහි ආලෝකය නොබැබළේවා.
5අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා; වලාපටලයක් ඒ පිට රැදී තිබේවා; දවාල කළුවරකරන සියල්ලට ඒක භයපත්වේවා.
6ඒ රාත්‍රිය වනාහි ඝනාන්ධකාරයට අසුවේවා. ඒක අවුරුද්දේ දවස් අතරේ ප්‍රීති නොවේවා; ඒක මාසවල ගණනට නොපැමිණේවා.
7ඒ රාත්‍රිය වඳ එකක් වේවා; ඒ තුළ කිසි ප්‍රීතිමත් හඬක් නොඇසේවා.
8දවස්වලට ශාපකරන්නාවූ, ලෙවියාතන් පුබුදුවන්ට සමර්ථව සිටින්නාවූ අය ඊට ශාපකෙරෙත්වා.
9ඒකේ සවස්කාලයේ තාරකාවෝ අඳුරුවෙත්වා. එළිය ගැන බලා සිටින නුමුත් එය ඊට නොලැබේවා; අලුයම නමැති ඇසිපිය දකින්ටත් නොලැබේවා.
10මක්නිසාද ඒක මා බිහිකල කුසේ දොරවල් නොවැසුවේය, මාගේ ඇස්වලින් දුකද නොසැගෙවුවේය.
11මා උපන් සැටියේම නොමැරුණේ මන්ද? කුසින් බිහිවෙද්දී මගේ පණ තුරන් නොවූයේ මක්නිසාද?
12උකුළ මා පිළිගත්තේ මන්ද? මා කිරිබොන පිණිස තන සූදානම්ව තිබුණේ මක්නිසාද?
13එසේ නොතිබුණා නම් මා දැන් සැතපී, පැමිණෙන්නේය, නිෂ්කලංකව නිදාගන්ට යෙදෙනවා ඇත.
14එසේ, නටබුන් තැන් ගොඩනඟා ගත්තාවූ, පොළොවේ රජුන් හා මන්ත්‍රීන් සමඟ,
15නොහොත් රන් ඇත්තාවූ, තමුන්ගේ ගෙවල් රිදීයෙන් පුරවා ගත්තාවූ අධිපතීන් සමඟ, මට නිශ්චලයෙන් ඉන්ට තිබුණේය.
16නොහොත් සඟවනලද ගබ්සාවක් මෙන්ද එළිය නුදුටු ළදරුවන් මෙන්ද මට පැවැත්මක් නොවෙනවා ඇත.
17එහි දුෂ්ටයෝ කරදර කිරීමෙන් නැවතී හිඳිති, වෙහෙසට පත්වූවෝ එහි විශ්‍රාමය ලබති.
18හිරකාරයෝ එහි එක්ව පහසු විඳිති; විධාන දෙන්නාගේ හඬ ඔවුන්ට නොඇසෙයි.
19කුඩා අයත් ලොකු අයත් එහි සිටිති; දාසයාද තම ස්වාමියාගෙන් නිදහස්ව සිටියි.
20උන්වහන්සේ දුඃඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?
21ඔවුන් මරණය ගැන බලාපොරොත්තුවෙන නුමුත්, නිදන් වස්තුවලට වඩා එය සොයන නුමුත්, ඒක නොපැමිණෙන්නේය.
22මිනීවළ සම්මුඛවෙන කල ඔව්හු සන්තෝෂව, අතිශයින් ප්‍රීති වන්නෝය.
23දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු වටකොට වැටක් බැඳ, ඔහුගේ මාර්ගය නොපෙනී තිබියදී, ඔහුට එළිය දී තිබෙන්නේ මක්නිසාද?
24එසේය, මාගේ කෑම මෙන් මාගේ සුසුම්ලෑම පැමිණෙන්නේය, මාගේ කෙඳිරිගෑමද වතුර මෙන් වැගිරෙන්නේය.
25මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.
26මට පහසුවක් නැත, මට නිශ්චලතාවක් නැත, නිවාඩුවක් නැත; එහෙත් දුක පැමිණේයයි කීවේය.