Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි ඔබ කී එක හරිය කියා ඔබ සිතනවාද?
3මක්නිසාද: එයින් ඔබට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් ඔබ කියන්නෙහිය,
4ඔබටත් ඔබ සමඟ සිටින ඔබේ මිත්‍රයන්ටත් මම උත්තරදෙමි.
5අහස දෙසට ඇස් ඔසවා බලා, ඔබට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරන්න.
6ඔබ පව්කළත් ඔබ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද? ඔබේ වරද වැඩිවුණත් ඔබ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද?
7ඔබ ධර්මිෂ්ඨව සිටියත් ඔබ උන්වහන්සේට දෙන්නේ කුමක්ද? නොහොත් ඔබේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද?
8ඔබේ දුෂ්ටකමෙන් ඔබ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම ඔබේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.
9පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති.
10එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ,
11රාත්රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.
12එහි ඔවුන් කෑගසන නුමුත්, නපුරන්ගේ උඩඟුකම නිසා, කිසිවෙක් උත්තර නොදෙන්නේය.
13සැබවින්ම දෙවියන්වහන්සේ නිෂ්ඵලකමට ඇහුම්කන් නොදෙනසේක, සර්වපරාක්‍රමයාණෝ ඒක නොසලකනසේක.
14එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි ඔබ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.
15නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්,
16යෝබ් තමාගේ මුඛය නිෂ්ඵලලෙස ඇර, දැනගැන්ම නැතුව වචන වැඩිකරගන්නේයයි කීවේය.