Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්රායෙල් පුත්රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.
2හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,
3නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.
4රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්රයෙහිත් වාසය කොට
5හෙර්මොන් කන්දද සලෙකාද ගෙෂූර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමාව දක්වා මුළු බාෂාන්ද හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ සීමාව දක්වා ගිලියද් අර්ධයක්ද කෙරෙහි ආණ්ඩුකෙළේය.
6ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්රායෙල් පුත්රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්රයටත් උරුමයක් කොට දුන්නේය.
7බස්නාහිරට යොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතෙහි තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද දක්වා යෝෂුවා සහ ඉශ්රායෙල් පුත්රයන් විසින් පහර දුන්නාවූ, යෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්රවලට ඔවුන්ගේ බෙදීම්වල හැටියට උරුමයක් කොට දුන්නාවූ දේශයේ රජවරු මොව්හුය:
8එනම් කඳු රටෙහිද පාත රටෙහිද අරබා සමභූමියෙහිද කඳු බෑවුම් ළඟද කාන්තාරයෙහිද දකුණු දිශාවෙහිද සිටිය හිත්තීවරුත් අමෝරිවරුත් කානානිවරුත් පෙරිස්සිවරුත් හිවීවරුත් යෙබූසිවරුත්ය.
9යෙරිකෝවේ රජ එක්කෙනෙක්ය; බෙතෙල් අසල හායිහි රජ එක්කෙනෙක්ය;
10යෙරුසලමේ රජ එක්කෙනෙක්ය; හෙබ්රොන්හි රජ එක්කෙනෙක්ය;
11යර්මුත්හි රජ එක්කෙනෙක්ය; ලාකීෂ්හි රජ එක්කෙනෙක්ය;
12එග්ලොන්හි රජ එක්කෙනෙක්ය; ගෙසෙර්හි රජ එක්කෙනෙක්ය;
13දෙබීර්හි රජ එක්කෙනෙක්ය; ගෙදෙර්හි රජ එක්කෙනෙක්ය;
14හොර්මාහි රජ එක්කෙනෙක්ය; අරාද්හි රජ එක්කෙනෙක්ය;
15ලිබ්නාහි රජ එක්කෙනෙක්ය; අදුල්ලාම්හි රජ එ���්කෙනෙක්ය;
16මක්කේදාහි රජ එක්කෙනෙක්ය; බෙතෙල්හි රජ එක්කෙනෙක්ය;
17තප්පුවාහි රජ එක්කෙනෙක්ය;
18හේපෙර්හි රජ එක්කෙනෙක්ය; අපෙක්හි රජ එක්කෙනෙක්ය; ලෂ්ෂාරොන්හි රජ එක්කෙනෙක්ය;
19මාදොන්හි රජ එක්කෙනෙක්ය; හාශොර්හි රජ එක්කෙනෙක්ය;
20ෂිම්රොන්-මෙරොන්හි රජ එක්කෙනෙක්ය; අක්ෂාප්හි රජ එක්කෙනෙක්ය;
21තයනාක්හි රජ එක්කෙනෙක්ය; මෙගිද්දෝහි රජ එක්කෙනෙක්ය;
22කෙදෙෂ්හි රජ එක්කෙනෙක්ය; කර්මෙල්ට අයිති යොක්නෙයාම්හි රජ එක්කෙනෙක්ය;
23දෝර් කඳුකරේ වූ දෝර්හි රජ එක්කෙනෙක්ය; ගිල්ගාල්හි සිටිය ජාතීන්ගේ රජ එක්කෙනෙක්ය;
24තිර්ශාහි රජ එක්කෙනෙක්ය. සියලු රජවරු තිස්එක්දෙනෙක්ය.