Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
63 verses
1යූදා පුත්රයන්ගේ ගෝත්රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණු කොටස දකුණට ඒදොම්හි සීමාව වන ශීන් කාන්තාරය දක්වා දකුණු සීමාව තෙක්ම පිහිටා තිබුණේය.
2ඔවුන්ගේ දකුණු සීමාව ලුණු මුහුදේ කෙළවර වන දකුණට හැරී තිබෙන වරායේ පටන්,
3අක්රාබ්බීම්හි නැගුමට දකුණෙන් වැටී, ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැගී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැගී කර්කා දෙසට හැරී ගොස්,
4අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් ගියේය; ඒ සීමාව මුහුද ළඟ කෙළවරවිය. මෙය ඔබ සැමගේ දකුණු සීමාව වන්නේය.
5නැගෙනහිර සීමාව යොර්දාන් කෙළවර දක්වා ලුණු මුහුදය. උතුරු පැත්තේ සීමාව නම් යොර්දාන් කෙළවරෙහිවූ මුහුදේ වරාය පටන්ය.
6එම සීමාව බෙත්-හොග්ලාට නැගී, බෙත්-අරබාට උතුරෙන් ගොස්, රූබෙන්ගේ පුත්රවූ බොහන්ගේ ගල ළඟට නැගී,
7ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය.
8එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.
9සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,
10බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය.
11එතනින් සීමාව එක්රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.
12බස්නාහිර සීමාව නම් මහ මුහුදත් එහි අසබඩත්ය. යූදා පුත්රයන්ගේ පවුල්වල හැටියට වටේට තිබුණ ඔවුන්ගේ සීමාව මේය.
13යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්රවූ කාලෙබ්ට යූදාගේ පුත්රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.
14කාලෙබ් වනාහි අනාක්ගෙන් පැවත ආ ෂේෂයිද අහිමාන්ද තල්මයිද යන අනාක්ගේ පුත්රයන් තුන්දෙනා එතනින් පන්නා දැමුවේය.
15එතනින් ඔහු දෙබීර�� වැසියන්ට විරුද්ධව ගියේය. දෙබීර්ට පළමු තිබුණු නම කිරියත්-සේපෙර්ය.
16කාලෙබ් කථාකොට: කිරියත්-සේපෙර්ට පහරදී ඒක අල්වාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවාදෙන්නෙමියි කීවේය.
17කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත්රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දුවවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.
18ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය; ඈ කොටළුවා පිටින් බැස්සාය; කාලෙබ් ඈට කථාකොට: ඔබට ඕනෑ මොකදැයි ඇසීය.
19ඈද: මට වරයක් දුන මැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට ඔහු ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.
20යූදා පුත්රයන්ගේ ගෝත්රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ උරුමය මේය.
21දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා යූදා පුත්රයන්ගේ ගෝත්රයට තිබුණු ඉතා දුරවූ නුවරවල් නම්: කබ්ශෙයෙල්ද ඒදෙර්ද යාගුර්ද,
22කීනාද දිමෝනාද අදාදාද,
23කෙදෙෂ්ද හාශෝර්ද ඉත්නාන්ද,
24ශිප්ද තෙලෙම්ද බෙයාලොත්ද,
25හාශෝර්-හදත්තාද කෙරියොත්-හෙෂ්රෝන් වන හාශෝර්ද,
26ආමාම්ද ෂෙමාද මෝලාදාද,
27හශර්-හද්දාද හෙෂ්මොන්ද බෙත්-පෙලෙත්ද,
28හශර්-ෂූවාල්ද බෙයෙර්-ෂෙබාද බිස්යෝතියාද,
29බාලාද ඉයීම්ද එශෙම්ද,
30එල්තෝලද්ද කෙසීල්ද හොර්මාද,
31ශික්ලග්ද මද්මන්නාද සන්සන්නාද,
32ලෙබායොත්ද ෂිල්හිම්ද ආයින්ද රිම්මොන්ද යන මේවාය. ගම් සහිතව සියලු නුවරවල් විසිනවයක්ය.
33තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල්ද ශොරාද අෂ්නාද,
34ශානොවාද ඒන්-ගන්නීම්ද තප්පුවාද ඒනාම්ද,
35යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශෝකාද,
36ෂයරයීම්ද අදීතයිම්ද ගෙදේරාද ගෙදේරෝතයීම්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ද යන මේවාය.
37ශෙනාන්ද හදාෂාද මිග්දල්-ගාද්ද,
38දිල්යාන්ද මිශ්පේද යොක්තෙයෙල්ද,
39ලාකීෂ්ද බෝශ්කත්ද එග්ලොන්ද,
40කබ්බොන්ද ලාමාම්ද කිත්ලීෂ්ද,
41ගෙදේරොත්ද බෙත්-දාගොන්ද නයමාද මක්කේදාද යන නුවරවල් දහසය සහ ඒවායේ ගම්ද යන මේවාය.
42ලිබ්නාද එතෙර්ද ආෂාන්ද,
43ඉප්තාද අෂ්නාද නේශීබ්ද,
44කෙයිලාද අක්ශිබ්ද මරේෂාද යන නුවරවල් නවය සහ ඒවායේ ගම්ද යන මේවාය.
45එක්රොන්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.
46එක්රොන් පටන් බස්නාහිරට මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නුවරවල් සහ ඒවායේ ගම්ය.
47අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.
48කඳු රටේ තිබුණ ඒවානම්: ෂාමීර්ද යත්තීර්ද සෝකෝද,
49දන්නාද දෙබීර් වන කිරියත්-සන්නාද,
50අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,
51ගෝෂෙන්ද හෝලොන්ද ගිලෝද යන නුවරවල් එකොළොස සහ ඒවායේ ගම්ද යන මේවාය.
52අරාබ්ද දූමාද එෂාන්ද,
53යානීම්ද බෙත්-තප්පුවාද අපේකාද,
54හුම්තාද හෙබ්රොන් නම්වූ කිරියත්-අර්බාද ශියොර්ද යන නුවරවල් නවයද ඒවායේ ගම්ද යන මේවාය.
55මායොන්ද කර්මෙල්ද ශිප්ද යූතාද,
56යෙශ්රයෙල්ද යොක්දෙයාම්ද සානොවාද,
57කායින්ද ගිබෙයාද තිම්නාද යන නුවරවල් දසය සහ ඒවායේ ගම්ද යන මේවාය.
58හල්හුල්ද බෙත්-ශුර්ද ගෙදෝර්ද,
59මාරාත්ද බෙත්-අනොත්ද එල්තෙකොන්ද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ද යන මේවාය.
60කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්ද රබ්බාද යන දෙනුවර සහ ඒවායේ ගම්ය.
61කාන්තාරයෙහි තිබුණ ඒවානම්:
62බෙත්-අරබාද මිද්දීන්ද සෙකාකාද, නිබ්-ෂාන්ද ලුණු නුවරද ඒන්-ගෙදීද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ය.
63නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.