Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
51 verses
1දෙවෙනි කොටස සිමියොන්ට එනම් සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ උරුමය ඇතුළත තිබුණේය.
2ඔවුන්ගේ උරුමය නම්: බෙයර්-ෂෙබා හෙවත් ෂෙබාද මෝලාදාද,
3හශර්-ෂුවාල්ද බාලාද එශෙම්ද,
4එල්තොලද්ද බෙතුල්ද හොර්මාද,
5ශික්ලග්ද බෙත්-මර්කාබොත්ද හශර්-සුසාද,
6බෙත්-ලෙබායොත්ද ෂාරුහෙන්ද යන නුවරවල් දහතුන සහ ඒවායේ ගම්‍ය.
7ආයින්ද රිම්මොන්ද එතෙර්ද ආෂාන්ද යන මේ නුවරවල් සතර සහ ඒවායේ ගම්‍ය.
8දකුණු රාමා වන බාලත්-බෙයේර් දක්වා ඒ නුවරවල් වටකර තිබෙන ගම් සියල්ලත්ය. සිමියොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේය.
9සිමියොන් පුත්‍රයන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ කොට්ඨාසයෙන් ගන්ට යෙදුණේය. මක්නිසාද යූදා පුත්‍රයන්ගේ කොටස ඔවුන්ට වැඩිව තිබුණේය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පුත්‍රයන්ට උරුමයක් තිබුණේය.
10තුන්වෙනි කොටස සාබුලොන් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.
11ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරලාට නැගී, දබ්බෙෂෙත්ටද යොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟටද පැමුණුණේය;
12සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතනින් දාබෙරත්ටද යාපියාටද නැගී ගියේය;
13එතනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ටද එත්-කාශීන්ටද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන්ට ගියේය.
14සීමාව ඊට වටකරින් උතුරට හැරී හන්නාතොන්ට ගොස්, ඉප්තා-යෙල් මිටියාවත ළඟ කෙළවර වුණේය;
15කට්ටාත්ද නහලාල්ද ෂිම්රොන්ද ඉදලාද බෙත්-ලෙහෙම්ද යනාදී නුවරවල් දොළොසක්ද ඒවායේ ගම්ද තිබුණේය.
16සාබුලොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්‍ය.
17සතරවෙනි කොටස ඉස්සාඛර්ට එනම් ඉස්සාඛර් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
18ඔවුන්ගේ පළාතට යෙශ්‍රෙයෙල්ද කෙසුල්ලොත්ද ෂුනෙම්ද,
19හපාරයිම්ද ෂියොන්ද අනා හරාත්ද,
20රබ්බිත්ද කිෂියොන්ද එබෙශ්ද,
21රෙමෙත්ද ඒන්-ගන්නීම්ද ඒන්-හද්දාද බෙත්-පශේශ්ද දක්වා විය;
22සීමාව තාබෝර්ද ෂහශුමාද බෙත්-ෂෙමෙෂ්ද දක්වා ගියේය; ඔවුන්ගේ සීමාව යොර්දාන ළඟ කෙළවර වුණේය. නුවරවල් දහසයක්ද ඒවායේ ගම්ද තිබුණේය.
23ඉස්සාඛර් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්‍ය.
24පස්වෙනි කොටස ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
25ඔවුන්ගේ සීමාව හෙල්කත්ද හලීද බෙටෙන්ද අක්ෂාප්ද,
26අල්ලම්මෙලෙක්ද අමාද්ද මිෂාල්ද යන මේවාය; බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමුණුණේය;
27එතනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමට තිබෙන කාබුල්ද,
28එබ්‍රොන්ද රෙහොබ්ද හම්මොන්ද කානාද මහ ශිදොන්ද දක්වා ගියේය;
29එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.
30උම්මාද අපෙක්ද රෙහොබ්ද අඩංගුය. නුවරවල් විසි දෙකක් සහ ඒවායේ ගම්ද තිබුණේය.
31ආෂෙර් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්‍ය.
32සවෙනි කොටස නප්තලී පුත්‍රයන්ට එසේය, නප්තලීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
33ඔවුන්ගේ සීමාව හේලෙප්හි සිට ශානන් නිම්හි තිබුණ අලෝන වෘක්ෂය පටන් අදාමි-නෙකෙබ්ද යබ්නෙයෙල්ද ලක්කුම්ද දක්වා ගොස්, යොර්දාන ළඟ කෙළවර වුණේය.
34එතනින් සීමාව බස්නාහිරට හැරී අස්නොත්-තාබොර්ට ගොස්, එතනින් හුකොක්ට පැමිණ, දකුණෙන් සාබුලොන්ද බස්නාහිරෙන් ආෂෙර්ද නැගෙනහිරෙන් යොර්දානේ යුදයද දක්වා ගියේය.
35පවුරු ඇති නුවරවල් නම්: ශිද්දීම්ද ශේර්ද හම්මත්ද රක්කත්ද කින්නෙරෙත්ද,
36අදාමාද රාමාද හාශොර්ද,
37කෙදෙෂ්ද එද්‍රෙයිද ඒන්-හාශොර්ද,
38ඉරොන්ද මිග්දල්-යෙල්ද හොරෙම්ද බෙත්-අනාත්ද බෙත්-ෂෙමෙෂ්ද යන මේවාය; නුවරවල් දහනවයක් සහ ඒවායේ ගම්ද තිබුණේය.
39නප්තලීගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්‍ය.
40සත්වෙනි කොටස දාන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
41ඔවුන්ගේ උරුමයේ පළාත නම් ශොරාද එෂ්තායොල්ද ඊර්-ෂෙමෙෂ්ද,
42ෂාලබ්බීන්ද ආයාලොන්ද ඉත්ලාද,
43ඒලොන්ද තිම්නාද එක්‍රොන්ද,
44එල්තෙකේද ගිබ්බෙතොන්ද බාලාත්ද,
45යෙහුද්ද බෙනේ-බෙරක්ද ගත්-රිම්මොන්ද,
46මේ-යර්කොන්ද යොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළුව රක්කොන්ද යන මේවාය.
47දාන් පුත්‍රයන්ගේ පළාත ඔවුන්ට මදිව තිබුණ නිසා ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධව යුද්ධකොට එය අල්වාගෙන ඊට කඩු මුවහතින් පහරදී එය හිමිකරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පියවූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝය.
48දාන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්‍ය.
49මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදාදී නිමකොට ඉශ්රායෙල් පුත්‍රයෝ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට තමුන් අතරෙහි උරුමයක් දුන්නෝය.
50ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නත්-සෙරා ඔව්හු ස්වාමීන්වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝය. ඔහු ඒ නුවර ගොඩනගා එහි වාසය කෙළේය.
51පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද ෂීලෝහිදී සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පසඇට දමා බෙදාදුන් උරුමවල් මේවාය. මෙසේ ඔව්හු දේශය බෙදා නිමකළෝය.