Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
8 verses
1ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න-ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය.
3අටවෙනි දවසේදී ඔහුගේ චර්මාග්‍රමාංසය ඡේදනය කරනු ලැබිය යුතුය.
4තවද ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ තිස්තුන් දවසක් සිටින්නීය; ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවන තෙක් කිසි ශුද්ධ දෙයක ස්පර්ශ නොවිය යුතුය, ශුද්ධ ස්ථානයට ඇතුල් නොවිය යුතුය.
5එහෙත් ඈ ගෑනු ළමයෙකු වැදුවොත් ඇගේ වෙන්ව සිටීම ලෙස ඈ දෙසතියක් අපවිත්‍රව සිටින්නීය; ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ හැටහදවසක් සිටිය යුතුය.
6පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය.
7ඔහු ඌ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඈ වෙනුවට සමඟිකමක් කරන්නේය; මෙසේ ඈ ලේ ධාරාව කෙරෙන් පවිත්‍රවන්නීය. පිරිමි දරුවෙකු හෝ ගැහැනු දරුවෙකු හෝ වදන තැනැත්තිය ගැන ව්‍යවස්ථාව ඒකය.
8බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමඟිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.