Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
62 verses
1එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී,
2දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්ටත් රෝගීන් සුවකරන්ටත් ඔවුන් යැවූසේක.
3තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගමනට කිසිවක් එනම් සැරයටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල්වත් කබා දෙකක්වත් නොගන්න.
4නුඹලා ඇතුල්වන්නේ යම් ගෙදරකටද එහි වාසයකොට, එතැනින් පිටත්ව යන්න.
5නුඹලා පිළිනොගන්න යම් පමණ දෙනෙක් ඇද්ද නුඹලා ඒ නුවරින් පිටත්ව යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂි පිණිස නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්නැයි කීසේක.
6ඔව්හු පිටත්ව හැම තැන්හිම ශුභාරංචිය දේශනාකරමින්ද රෝග සුවකරමින්ද ගමින් ගමට ගියෝය.
7සිද්ධවූ සියල්ල ගැන දේශාධිපතිවූ හෙරොද් අසා බොහෝ වියවුල්වුණේය. මක්නිසාද සමහරෙක්: යොහන් මළවුන්ගෙන් නැගුටුණේය කියාත්,
8සමහරෙක්: එලියා පහළවුණේය කියාත්, අන් සමහරෙක්: පෙර සිටි අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැගුටුණේය කියාත් කීවෝය.
9එවිට හෙරොද් කථාකොට: මම යොහන්ගේ හිස කැප්පවීමි. නුමුත් මා අසන මෙබඳු දේ කරන තැනැත්තා කවුදැයි කීවේය. ඔහු උන්වහන්සේ දකින්ට සෙවීය.
10ප්‍රේරිතයෝ හැරී ඇවිත් තමුන් කළ දේවල් උන්වහන්සේට ප්‍රකාශකළෝය. එවිට උන්වහන්සේ ඔවුන් වෙන්කොට කැඳවාගෙන බෙත්සයිදා නම් නුවරකට ගියසේක.
11එහෙත් සමූහයෝ එය දැනගෙන උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ඔවුන් පිළිගෙන, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කථාකොට, සුවය ඕනෑ අයට සුවකළසේක.
12සවස්වෙන්ට පටන්ගත් කල දොළොස්දෙනා උන්වහන්සේ ළඟට ඇවිත් කථාකොට: මෙහි වනාන්තර ස්ථානයක අප සිටින බැවින් වටකර තිබෙන ගම් හා නියම්ගම්වලට ගොස් නවාතැන්ද කෑමද සපයාගන්ට සමූහයා හැරිය මැනවයි කීවෝය.
13එහෙත් උන්වහන්සේ: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිලදී ගත්තොත් මිස අප ළඟ රොටි පහකටත් මසුන් දෙදෙනෙකුටත් වඩා නැතැයි ඔව්හු කීවෝය.
14මක්නිසාද පුරුෂයෝම පන්දහසක් පමණ සිටියෝය. එවිට උන්වහන්සේ: ඔවුන් පණස් දෙනා බැගින් කණ්ඩායම් වශයෙන් හිඳුවන්නැයි ගෝලයන්ට කීසේක.
15ඔව්හු එසේ කොට සෑම දෙනාම හිඳගන්ට සැලැස්සුවෝය.
16එකල උන්වහන්සේ රොටි පහත් මසුන් දෙදනෙක් රැගෙන, ස්වර්ගය දෙස බලා ඒවාට ආශීර්වාදකොට, කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ගෝලයන්ට දුන්සේක.
17සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඔවුන් නොකා ඉතිරිවූ කැබලිවලින් කූඩා දොළොසක් එකතුකරගන්නාලද්දේය.
18ඉන්පසු උන්වහන්සේ තනියම යාච්ඤා කරද්දී ගෝලයෝ උන්වහන්සේ සමඟ සිටියෝය. එවිට උන්වහන්සේ: මා කවුරුය කියා මනුෂ්‍යයෝ කියද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක.
19ඔව්හු උත්තර දෙමින්: යොහන් බව්තීස්තය; එහෙත් සමහරෙක් එලියාය; අන් සමහරෙක්, පුරාණ අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැවත නැගිට සිටීය කියා කියතියි කීවෝය.
20නුමුත් නුඹලා මා කවුරුය කියනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. පේතෘස් උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්යයි කීවේය.
21උන්වහන්සේද මෙය කාටවත් නොකියන ලෙස ඔවුන්ට තදින් අණකොට:
22මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වධවිඳින්ටත් වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද ලියන්නන් විසින්ද එපාකරනු ලබන්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගිටින්ටත් ඕනෑයයි කීසේක.
23උන්වහන්සේ සියල්ලන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
24මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්නට කැමති අයට එය නැතිවේ; නුමුත් මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්න අය එය ගළවාගන්නේය.
25මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාම නැති කරගත්තොත් නොහොත් විනාශකර ගත්තොත් ඔහුට මොන ලාභයක්ද?
26මක්නිසාද යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදූතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවනසේක.
27එහෙත් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.
28තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාච්ඤාකරන පිණිස කන්දට නැගුණුසේක.
29උන්වහන්සේ යාච්ඤාකරද්දී උන්වහන්සේගේ මුහුණේ ආකාරය වෙනස්විය, උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බැබළුණේය.
30එවිට මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන්වහන්සේ සමඟ කථාකළෝය, ඔව්හු නම් මෝසෙස් සහ එලියාය.
31ඔව්හු තේජසින් යුක්තව පෙනී, උන්වහන්සේ යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු උන්වහන්සේගේ ඉකුත්වීම ගැන කථාකරමින් සිටියෝය.
32පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය.
33තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී, පේතෘස් තමා කියන්නේ කුමක්දැයි නොදන්නේ: ආචාරිනි, අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් තුනක් සාදමු; ඔබට එකක්ය, මෝසෙස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය.
34ඔහු මේ කාරණා කියද්දීම වලාපටලයක් පැමිණ. ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. වලාකුළට ඇතුල්වූ කල ඔව්හු භයවූවෝය.
35එවිට මේ මාගේ පුත්‍රයාණෝය, මාගේ තෝරාගත් තැනැත්තේය. මොහුට ඇහුම්කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.
36ඒ හඬ පැමිණි කල යේසුස්වහන්සේ තනියම සිටිනවා පෙනුණේය. ඔව්හු නිශ්ශබ්දව සිට, තමුන් දුටු දේවලින් කිසිවක් ඒ දවස්වලදී කාටවත් නොකීවෝය.
37තවද පසුවදා ඔවුන් කන්දෙන් බැස්ස කල මහත් සමූහයක් උන්වහන්සේට සම්මුඛවූවෝය.
38සමූහයා අතරෙන් එක්කෙනෙක් මොරගසමින් කියනුයේ: ආචාරිනි මාගේ පුත්‍රයා දෙස බලන මෙන් ඔබගෙන් ඉල්ලමි; මක්නිසාද ඔහු මාගේ එකම දරුවාය.
39ආත්මයක් ඔහුට ආවේශවේ, ඔහුද හදිසියෙන් මොරගසයි; ඒ ආත්මය ඔහුට පීඩා කොට, වෙවුලවා, පෙණදම්මවා, බොහෝ තුවාලකොට, අමාරුවෙන් ඔහුගෙන් අහක්වයයි.
40ඔහු දුරුකරන මෙන් ඔබවහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලුවෙමි; නුමුත් ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය.
41යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැත්තාවූ හිතුවක්කාර පරම්පරාව, මම කොපමණ කල් නුඹලා සමඟ සිට නුඹලා ගැන ඉවසම්ද? නුඹේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැයි කීසේක.
42ඔහු එද්දීම යක්ෂයා ඔහු බිම හෙළා, ඔහුට බොහෝසේ පීඩාකෙළේය. නුමුත් යේසුස්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකොට, ළමයා සුවකර, ඔහු පියාට නැවත භාරදුන්සේක.
43ඔවුන් සියල්ලෝම දෙවියන්වහන්සේගේ මහන්තත්වය ගැන විස්මයට පත්වූවෝය.
44මේ වචන නුඹලාගේ කන්වල බහාගන්න. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නේයයි කීසේක.
45නුමුත් ඔවුන්ට ඒ කීම තේරුණේ නැත. ඒක ඔවුන්ට නොහැඟෙන ලෙස සැඟවී තිබුණේය. ඔව්හු ඒ කීම ගැන උන්වහන්සේගෙන් අසන්ට භයවූවෝය.
46තමුන්ගෙන් වඩා උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් අතරේ විවාදයක් හටගත්තේය.
47යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතේ කල්පනාව දැන, කුඩා ළමයෙකු ගෙන තමන් ළඟ සිටුවා:
48යමෙක් මාගේ නාමයෙන් මේ කුඩා ළමයා පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. යමෙක් මා පිළිගන්නේද ඔහු මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. කුමක් හෙයින්ද නුඹලා සියල්ලන් අතරෙහි ඉතා කුඩා අයම උතුම්යයි ඔවුන්ට කීසේක.
49යොහන් උත්තරදෙමින්: ආචාරිනි, එක්කෙනෙකු ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරුකරනවා දුටිමුව; ඔහු අප අනුවනේන නිසා ඔහුට තහනම්කෙළෙමුයයි කීවේය.
50නුමුත් යේසුස්වහන්සේ: තහනම්කරන්ට එපා. මක්නිසාද නුඹලාට විරුද්ධව නැති තැනැත්තේ නුඹලාගේ පක්ෂයටයයි ඔහුට කීසේක.
51තවද උන්වහන්සේ ඔසවාගනු ලබන දවස් ආසන්නවූ කල, උන්වහන්සේ යෙරුසලමට යන පිණිස ස්ථිරලෙසින් තමන් මුහුණ යොමුකොට, තමන්ට පෙරටුව දූතයන් ඇරියසේක.
52ඔව්හු ගොස් උන්වහන්සේට උවමනා දේ පිළියෙළකරන පිණිස සමාරිවරුන්ගේ ගමකට ඇතුල්වූවෝය.
53නුමුත් උන්වහන්සේ යෙරුසලම දෙසම බලා යන්නාක්මෙන් පෙනුණු නිසා ඔව්හු උන්වහන්සේ පිළි නොගත්තෝය.
54උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය.
55නුමුත් උන්වහන්සේ හැරී ඔවුන්ට තරවටුකළසේක.
56එවිට ඔව්හු වෙන ගමකට ගියෝය.
57ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මනුෂ්‍යයෙක්: ඔබවහන්සේ යන කොතැනට නුමුත් මමත් ඔබ අනුව එන්නෙමියි කීවේය.
58යේසුස්වහන්සේද: සිවලුන්ට බෙනත් ආකාශයේ පක්ෂීන්ට කූඩුත් තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.
59උන්වහන්සේ තවත් කෙනෙකුට: මා අනුව එන්නැයි කීසේක. නුමුත් ඔහු: ස්වාමීනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භූමදානකරන්ට මට අවසර දුන මැනවයි කීවේය.
60උන්වහන්සේද: මළාවූ අය තමුන්ගේ මළවුන් තැන්පත්කරත්වා; නුඹ ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්නැයි ඔහුට කීසේක.
61තවත් කෙනෙක්ද: ස්වාමිනි, ඔබ අනුව එන්නෙමි; නුමුත් පළමුකොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩදුන මැනවයි කීවේය.
62එහෙත් යේසුස්වහන්සේ: නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කීසේක.