Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1ඵරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
2උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සවස් වේලෙහි අහස රතුපාට නිසා හොඳ කාලයක් වන්නේය කියාත්,
3උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් නුඹලා කියවුය. නුඹලා අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට නුඹලාට බැරිය.
4නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර පිටත්ව ගියසේක.
5ගෝලයෝ එගොඩට පැමිණියෝය; රොටි ගෙනයන්ට ඔවුන්ට මතකනැති වුණේය.
6යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක.
7ඔව්හු: අපි රොටි නොගෙනාමුයයි තම තමුන් අතරේ කථාකරගත්තෝය.
8යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරෙහි කථාකර ගන්නහුද?
9නුඹලාට තවම තේරෙන්නේ නැද්ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පැස් කීයක් පුරවාගත්තහුද කියාත්,
10සාරදහසකට දුන් රොටි සත ගැනත්, කූඩා කීයක් පුරවාගත්තහුද කියාත් මතක නැද්ද?
11රොටි ගැන මා විසින් නුඹලාට නොකී බව නුඹලාට තේරුම් නැත්තේ කොහොමද? නුමුත් ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්නැයි කීසේක.
12එවිට උන්වහන්සේ ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේසම් වෙන්ට නොකී බව ඔව්හු තේරුම්ගත්තෝය.
13යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරියේ පළාත්වලට පැමිණි කල: මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක.
14ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය.
15නුමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
16සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය.
17යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන් බර්-යෝනා, නුඹ ආශීර්වාදලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ මිස මාංසය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකෙළේය.
18මම නුඹට කියමි: නුඹ පේතෘස්ය,* තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. (* හෙවත් ගලය)
19ස්වර්ගරාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේයයි ඔහුට කීසේක.
20එවිට තමන් ක්‍රිස්තුස්වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණකළසේක.
21එවක් පටන් යේසුස්වහන්සේ, තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන්ගත්සේක.
22එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන්ගෙන: ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේයයි කීවේය.
23නුමුත් උන්වහන්සේ හැරී පේතෘස්ට කථාකොට: සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැතැයි කීසේක.
24එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
25මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.
26යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?
27මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
28සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකිනතෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.