Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට අණකොට ඔවුන්ට මෙසේ කියන්න-ඔබ සැම කානාන් දේශයට පැමිණි කල්හි ඔබ සැමට උරුමයක් කොට වැටෙන දේශය නම් ඒකේ සීමාවල ප්‍රකාරයට කානාන් දේශයය.
3එසේ ඔබ සැමගේ දකුණු පැත්ත ශීන් කාන්තාරයේ පටන් ඒදොම් දිශාව ළඟින් වන්නේය, ඔබ සැමගේ දකුණු සීමාව නැගෙනහිර දිග ලුණු මුහුදේ කෙළවර සිට පටන්ගෙන,
4ඔබ සැමගේ සීමාව අක්‍රබ්බීම්හි නැගුමට දකුණෙන් හැරී ශීනට පැමිණ, කාදෙෂ්-බර්නේයට දකුණෙන් වැටී, එතැනින් හශර්-අද්දාර්ටත් එයින් අශ්මොන්ටත් වන්නේය.
5අශ්මොන් පටන් සීමාව මිසර ඔය දෙසට හැරී ගොස් මුහුද ළඟ කෙළවර වන්නේය.
6බස්නාඉර සීමාවට වනාහි මහ මුහුද ඔබ සැමගේ සීමාව වන්නේය. ඒක ඔබ සැමගේ බස්නාඉර සීමාව වන්නේය.
7ඔබ සැමගේ උතුරු සීමාව මෙසේ වන්නේය: මහ මුහුද පටන් හෝර් කන්ද දක්වා ලකුණුකරගන,
8හෝර් කන්දෙන් හමාත්ට ඇතුල්වන තැන දක්වා ලකුණුකරන්න; සීමාව ශෙදාද්ට පැමිණ,
9ශිප්‍රොන්ට ගොස් හශර්-ඒනාන් ළඟ කෙළවර වන්නේය. ඒක ඔබ සැමගේ උතුරු සීමාව වන්නේය.
10ඔබ සැමගේ නැගෙනහිර සීමාව හශර්-ඒනානෙන් ෂෙඵාම් දක්වා ලකුණුකරන්න.
11සීමාවද ෂෙඵාම් පටන් අයින්ට නැගෙනහිරෙන් රිබ්ලාට බැස, කින්නෙරෙත් මුහුදේ නැගෙනහිර අද්දරින්ම බැස ඇවිත්,
12එතනින් සීමාව යොර්දාන අද්දරින් බැස ලුණු මුහුද ළඟදී කෙළවර වන්නේය. වටකර සීමාවල ප්‍රකාරයට මේක ඔබ සැමගේ දේශය වන්නේයයි කීසේක.
13මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ට අණකරමින්: ඔබ සැම විසින් පස ඇට දැමීමෙන් උරුමකරගත යුතුවන්නාවූ, ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් දෙන්ට ස්වාමීන්වහන්සේ අණකළාවූ දේශය නම් මේය.
14මක්නිසාද තමුන්ගේ පිය පෙළපත් ලෙස රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද තමුන්ගේ උරුමය ලැබීතිබේ.
15එසේ ඒ ගෝත්‍ර දෙකටද අර්ධ ගෝත්‍රයටද යොර්දානෙන් මෙගොඩ යෙරිකෝව ළඟ නැගෙනහිර දිශාවෙහි තමුන්ගේ උරුමය ලැබීතිබේයයි කීවේය.
16ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
17ඔබ සැමට දේශය උරුමයක් කොට බෙදා දෙන්නන් වූ මනුෂ්‍යයන්ගේ නාම නම්: පූජකවූ එලෙයාසර් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාය.
18දේශය උරුම වශයෙන් බෙදන පිණිස සියලු ගෝත්‍රවලින් එක අධිපතියෙකු බැගින් ගන්න.
19ඒ මනුෂ්‍යයන්ගේ නාම මේවාය: යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.
20සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ ෂෙමුවෙල්ය.
21බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත්‍රවූ එලිදාද්ය.
22දාන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් යොග්ලීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ බුක්කීය.
23යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ඒඵොද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ හන්නියෙල්ය.
24එප්‍රායිම් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ෂිප්තාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ කෙමුවේල්ය.
25සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් පර්නාක්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ එලිශාඵාන්ය.
26ඉස්සාඛර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අස්සාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පල්තියෙල්ය.
27ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ෂෙලොමීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ ආහිහුද්ය.
28නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පෙදහෙල්යයි කීසේක.
29ඉශ්රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි උරුමය බෙදාදෙන පිණිස ස්වාමීන්වහන්සේ අණකළේ මොවුන්ටය.