Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
89 verses
1තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී,
2තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය.
3මොව්හු තමුන්ගේ පඬුර ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය.
4ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
5සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කිරීම පිණිස ඒවා ඔවුන්ගෙන් පිළිගෙන ලෙවීවරුන්ට එකිනෙකාගේ සේවයේ ප්‍රකාරයට දෙන්නැයි කීසේක.
6එවිට මෝසෙස් ගැල් හා ගවයන් ගෙන ලෙවීවරුන්ට දුන්නේය.
7ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ඔහු ගැල් දෙකක්ද ගවයන් සතර දෙනෙක්ද දුන්නේය.
8පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේ සිටි මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ගැල් සතරක්ද ගවයන් අටදෙනෙක්ද දුන්නේය.
9එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය.
10පූජාසනය ආලේපකළ දවසෙහි අධිපතිවරු එය කැපකිරීම පිණිස තමුන්ගේ පඬුරු පූජාසනය ඉදිරියෙහි ඔප්පුකළෝය.
11ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පූජාසනය කැපකිරීම පිණිස අධිපතියෝ තමුන්ගේ පඬුරු ඔප්පුකෙරෙත්වා, එක එක අධිපතියා තම තමාගේ දවසෙහි එසේ කෙරේවායි කීසේක.
12පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
13ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
14සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ, ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
15දවන පූ��ාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද;
16පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
17ශාන්ති පූජා යාගය පිණිස ගොන් දෙන්නෙක්ද බැටළුවන් පස් දෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනෙක්ද යන මේය. අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ගේ පඬුර මේය.
18දෙවෙනි දවසේදී ශූවර්ගේ පුත්‍රවූ ඉස්සාඛර්වරුන්ගේ අධිපතියාවූ නෙතනේල් ඔප්පුකෙළේය.
19ඔහු ඔප්පුකළේ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
20සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
21දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද;
22පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
23ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ගේ පඬුර මේය.
24තුන්වෙනි දවසේදී හේලොන්ගේ පුත්‍රවූ සාබුලොන්වරුන්ගේ අධිපතියාවූ එලියාබ්ය.
25ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
26සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
27දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
28පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
29ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ගේ පඬුර මේය.
30සතරවෙනි දවසේදී ෂෙදෙවුර්ගේ පුත්‍රවූ රූබෙන් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිශූර්ය.
31ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
32සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
33දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
34පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
35ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ගේ පඬුර මේය.
36පස්වෙනි දවසේදී ශූරිෂද්දයිගේ පුත්‍රවූ සිමියොන් පුත්‍රයන්ගේ අධිපතියාවූ ෂෙලුමියෙල්ය.
37ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
38සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
39දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
40පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
41ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුම්යෙල්ගේ පඬුර මේය.
42හවෙනි දවසේදී දෙවුයෙල්ගේ පුත්‍රවූ ගාද් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලියාසාප්ය.
43ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
44සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
45දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
46පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
47ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ගේ පඬුර මේය.
48සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය.
49ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
50සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
51දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
52පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
53ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාගේ පඬුර මේය.
54අටවෙනි දවසේදී පෙදාශූර්ගේ පුත්‍රවූ මනස්සේ පුත්‍රයන්ගේ අධිපතියාවූ ගමාලියෙල්ය.
55ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
56සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
57දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
58පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
59ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ගේ පඬුර මේය.
60නවවෙනි දවසේදී ගිදෙයොනිගේ පුත්‍රවූ බෙන්යමින් පුත්‍රයන්ගේ අධිපතියාවූ අබිදාන්ය.
61ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ පිටිවලින් පිරී තිබුණේය;
62සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
63දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
64පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
65ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ගේ පඬුර මේය.
66දසව���නි දවසේදී අම්මිෂද්දයිගේ පුත්‍රවූ දාන් පුත්‍රයන්ගේ අධිපතියාවූ අහියෙසෙර්ය.
67ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
68සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
69දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
70පාප පූජාවක් පිණිස එළුවෙක්ද;
71ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ගේ පඬුර මේය.
72එකළොස්වෙනි දවසේදී ඔක්‍රාන්ගේ පුත්‍රවූ ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියාවූ පගීයෙල්ය.
73ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
74සුගන්ධ ද්‍රව්‍ය වලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
75දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවෙක්ද;
76පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
77ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ගේ පඬුර මේය.
78දොළොස්වෙනි දවසේදී ඒනාන්ගේ පුත්‍රවූ නප්තලී පුත්‍රයන්ගේ අධිපතියාවූ අහිරාය.
79ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;
80සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;
81දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද;
82පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද;
83ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඒනාන්ගේ පුත්‍රවූ අහිරාගේ පඬුර මේය.
84පූජාසනය ආලේපකළ දවසේදී ඒක කැපකිරීමට ඉශ්රායෙල් අධිපතිවරුන්ගෙන් ලැබුණු දේවල් මේවාය. රිදී තැටි දොළොසක්ය, රිදී තාලි දොළොසක්ය, රන් පාත්‍රා දොළොසක්ය.
85එක එක රිදී තැටියේ බර ෂෙකෙල් එකසිය තිහක්ය, එක එක තාලියේ බර ෂෙකෙල් සැත්තෑවක්ය. ඒ සියලු රිදී බඩු ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් දෙදාස් හාරසියයක් විය;
86සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ රන් පාත්‍රා දොළොසක්ය; ශුද්ධස්ථානයේ ෂෙකෙල් හැටියට එක එක පාත්‍රය ෂෙකෙල් දසයක්ය. පාත්‍රාවල මුළු රන් බර ෂෙකෙල් එකසිය විස්සක්ය.
87දවන පූජාව පිණිස සියලුම ගවයෝ ගොනුන් දොළොස්දෙනෙක්ය, බැටළුවන් දොළොස් දෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් දොළොස්දෙනෙක්ය, උන් සමඟ ඔප්පුකළ ආහාර පූජාවය. පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක්ය.
88ශාන්ති පූජා යාගය පිණිස සියලුම ගවයෝ ගොන් විසිහතරදෙනෙක්ය, බැටළුවන් සැටදෙනෙක්ය, එළුවන් සැටදෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් සැටදෙනෙක්ය. පූජාසනය ආලේපකළ පසු එය කැපකිරීමේ පූජා මේවාය.
89මෝසෙස් උන්වහන්සේ සමඟ කථාකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල, සාක්ෂි පෙට්ටිය පිට තිබුණු කරුණාසනය උඩ සිට කෙරුබ්වරුන් දෙදෙනාට අතරෙන් තමාට කථාකරන හඬ ඔහුට ඇසුණේය. ඔහුද උන්වහන්සේට කථාකළේය.