Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1මේවාත් යූදාහි රජවූ හෙස කියාගේ මිනිසුන් එකතු කොට ලිවුවාවූ සාලමොන්ගේ හිතෝපදේශය.
2කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.
3උස නිසා අහසද ගැඹුර නිසා පොළොවද රජුන්ගේ සිතද සොයා දැනගන්ට බැරිය.
4රිදීවලින් බොර පහකරපන්න, එවිට රන්කරුවාට භාජනයක් නික්මෙයි.
5දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.
6රජු ඉදිරියේදී ඉස්සරහට නොයන්න; උත්තමයන්ගේ ඉඩමෙහි නොසිටින්න.
7මක්නිසාද නුඹේ ඇස්වලින් දුටු අධිපතියා ඉදිරියෙහි නුඹ පහතට යැවීමට වඩා මෙහි ඉහළට එන්නැයි නුඹට කීම හොඳය.
8නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?
9නුඹේ අසල්වාසියා සමඟම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.
10එසේ කළොත්, එය ඇසූ අය නුඹට නින්දාකරන්නේය, නුඹේ අපකීර්තියද පහවෙන්නේ නැත.
11කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.
12ප්‍රඥාවන්තලෙස අවවාදකරන්නා, අසන කනට රන් කුණ්ඩලාභරණයක්ද පවිත්‍ර ස්වර්ණාභරණයක්ද මෙනි.
13විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම් කපන කාලයේ හිමේ ශීතල මෙනි; ඔහු තමාගේ ස්වාමිවරුන්ගේ ආත්මය ප්‍රාණවත්කරන්නේය.
14යමක් දෙන්නෙමියි කියා බොරුවට වර්ණනාකරන්නා වර්ෂා නැති වලාකුල්ද හුළඟද මෙනි.
15ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.
16නුඹට මීපැණි සම්බවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.
17නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.
18තමාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි කියන්නා පොල්ලක්ද කඩුවක්ද තියුණු ඊයක්ද වැනිය.
19විපත්ති දවසේදී අවිශ්වාස මනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාසකිරීම බිඳුණු දතකුත් වෙවුලන පාදයකුත් මෙනි.
20දුක්වූ සිතකට ගීතිකාකරන්නා ශීත කාලයේදී වස්ත්‍රය ගළවාදමන්නෙක්ද වෙඩිලුණුවලට කාඩිද වැනි���.
21නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න.
22එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේද නුඹට විපාක දෙනසේක.
23උතුරු හුළඟ වර්ෂාව ගෙනෙයි; එසේම කේලාම්කියන දිව තරහ මුහුණක් උපදවයි.
24ඩබරකාර ස්ත්‍රියෙක් සමඟ පොදුගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
25දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.
26දුෂ්ටයා ඉදිරිපිට පසුබසින ධර්මිෂ්ඨයා කලඹා තිබෙන උල්පතක්ද නරක්කළ ජලාකරයක්ද මෙන්ය.
27බොහෝ මීපැණි කෑම හොඳ නැත; එමෙන්ම මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ.
28තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.