Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ස්වාමිනි, ඔබ කුමට දුරුව සිටිනසේක්ද? විපත්ති කාලවලදී කුමට සැඟවී සිටිනසේක්ද?
2දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය; ඔවුන් විසින් යොදන ප්රයෝගවලින් තුමූම අසුවෙත්වා.
3මක්නිසාද දුෂ්ටයා තමාගේ සිතේ ආශාව ඉෂ්ටවීම ගැන පාරට්ටුකරගනියි, ලෝභි තැනැත්තේද ස්වාමීන් අත්හරියි, එසේය, උන්වහන්සේ හෙළාදකියි.
4දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට: උන්වහන්සේ පළි නොගන්නසේකැයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.
5ඔහුගේ මාර්ග සෑමවිටම ස්ථිරය; ඔබගේ විනිශ්චයෝ ඔහුට නොපෙනෙන තරම් ඉහළය. ඔහු තමාගේ සියලු සතුරන් කෙරේ අහංකාරයෙන් පිපෙයි.
6ඔහුද: මම නොසෙල්වන්නෙමි; සියලු පරම්පරා දක්වා විපත්ති නොවිඳින්නෙමියි සිතින් කියයි.
7ඔහුගේ මුඛය ශාපයෙන්ද රුවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ. ඔහුගේ දිව යට නපුරුකම හා අයුතුකම ඇත.
8ඔහු ගම්වල රැක හිඳින තැන්හි නැවතී සිට අප්‍රකාශ ස්ථානවලදී නිර්දෝෂයන් මරයි. ඔහුගේ ඇස් අසරණ අයට විරුද්ධව රහසින් යොමා තිබේ.
9සිංහයා ගුහාවේ රැක සිටින්නාක්මෙන් ඔහු අප්‍රකාශ ස්ථානයෙහි රැක සිටියි. දිළිඳා අල්ලාගන්ට මග රැකසිටියි. ඔහුගේ දැල ඇද දිළිඳා අල්ලයි.
10ඔහු බිම ලැග සිටියි, නැඹුරුව සිටියි, ඔහුගේ බලවතුන් කරණකොටගෙන අසරණ අය වැටෙති.
11ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි.
12ස්වාමිනි, නැගුටුණ මැනව; දෙවියන්වහන්ස, ඔබගේ අත එසෙවුව මැනව. දිළිඳුන් මතකනැති නොකළ මැනව.
13දුෂ්ටයා දෙවියන්වහන්සේට නින්දා කරන්නෙත් ඔබ පළි නොගන්නසේකැයි සිතින් කියන්නෙත් මක්නිසාද?
14ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.
15දුෂ්ටයාගේ බාහුව බින්ද මැනව; නපුරාගේ දුෂ්ටකම කිසිත් ඉතුරු නොවී යනතුරු සෙවුව මැනව.
16ස්වාමීන්වහන්සේ සදාකාලයටම රජ්ජුරුවෝය. ජාතීහු උන්වහන්සේගේ දේශයෙන් විනාශවූවෝය.
17ස්වාමිනි, ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක. භූමිකවූ මනුෂ්‍යයාගෙන් තවත් භය නොපැමිණෙන පිණිස,
18පියා නැත්තා සහ පීඩා විඳින්නා විනිශ්චයකරන්ට, ඔබ ඔවුන්ගේ සිත් සූදානම්කරනසේක, ඔබ කන්දී අසනසේක.