Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
31 verses
1මාගේ ප්‍රශංසා භූමියවූ දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව;
2මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය. ඔව්හු බොරු කියන දිවකින් මට කථාකළෝය.
3ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය.
4මාගේ ප්‍රේමය වෙනුවට ඔව්හු මට එදිරිකාරයෝව සිටිති. නුමුත් මම යාච්ඤාවෙහිම යෙදීසිටිමි.
5තවද මට ඔව්හු යහපතට අයහපතද මාගේ ප්‍රේමයට වෛරයද කළෝය.
6ඔහු කෙරෙහි දුෂ්ටයෙකු පත්කළ මැනව. විරුද්ධකාරයෙක් ඔහුගේ දකුණතින් සිටීවා.
7විනිශ්චයේදී ඔහු වරදකාරයෙක් වේවා; ඔහුගේ යාච්ඤාවද පාපයක් වේවා.
8ඔහුගේ දවස් ස්වල්ප වේවා, ඔහුගේ තනතුර අනිකෙක් ගනීවා,
9ඔහුගේ දරුවෝ පියා නැත්තෝ වෙත්වා, ඔහුගේ භාර්යාවද වැන්දඹුවක් වේවා.
10ඔහුගේ දරුවෝ පාදඩයෝව සිඟාකත්වා; ඔව්හු තමුන්ගේ පාළු ඉඩම්වලින් කෑම සොයත්වා.
11ණය හිමියා ඔහු සන්තක සියල්ලම අල්වා ගනීවා; විදේශියෝ ඔහුගේ උත්සාහයේ ලාභය කොල්ලකත්වා.
12ඔහුට කරුණාකරන්ට කිසිවෙක් නොවේවා; ඔහුගේ පියා නැති දරුවන්ට අනුකම්පාකරන්ට කිසිවෙක් නොසිටීවා.
13ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.
14ඔහුගේ පියවරුන්ගේ අයුතුකම ස්වාමීන් ඉදිරියෙහි සිහිව පවතීවා, ඔහුගේ පාපය නොමැකේවා.
15ඔවුන් සිහිවීම ස්වාමීන් විසින් පොළොවෙන් සිඳදමන පිණිස ඒවා උන්වහන්සේ ඉදිරියෙහි නිතරම පවතීවා.
16මක්නිසාද ඔහු දයා පැවැත්වීම සිහිනොකොට, දුප්පතා හා දිළිඳාද බිඳුණු සිත් ඇත්තාද මරන පිණිස පීඩාකෙළේය.
17එසේය, ශාපකිරීමට ඔහු ප්‍රියවිය, ඒක ඔහුට පැමුණුණේය; ඔහු ආශීර්වාදකිරීමට ප්‍රිය නොවීය, ඒක ඔහුගෙන් දුරුව තිබුණේය.
18ඔහු ශාපකිරීම තමාගේ වස්ත්‍රය මෙන් හැඳගත්තේය, එය ඔහු තුළට දිය මෙන්ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන්ද ආයේය.
19එය තමා පොරවන වස්ත්‍රය මෙන්ද නිතර බඳින ඉඟපටිය මෙන්ද ඔහුට වේවා.
20මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.
21නුමුත් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ නාමය නිසා මා සමඟ ක්‍රියා කළ මැනව. ඔබගේ කරුණාව යහපත් බැවින් මා මුදාගත මැනව.
22මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි, මාගේ සිත මා තුළේ තුවාලවී තිබේ.
23බැසයන සෙවණැල්ලක් මෙන් පහවයමි. පළඟැටියා මෙන් ඔබ මොබ එළවනු ලබමි.
24නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය; මාගේ මාංසයේ තරකමක් නැත.
25මම ඔවුන්ට නින්දාවක්ව සිටිමි. ඔව්හු මා දකිනවිට හිස් වනති.
26මාගේ දෙවිවූ ස්වාමිනි, මට පිහිටවුව මැනව; ඔබගේ කරුණාව ප්‍රකාර මා ගැළෙවුව මැනව.
27එවිට මෙය ඔබගේ හස්තය බවත්, ස්වාමිනි, ඔබ මේක කළ බවත් ඔව්හු දැනගන්නෝය.
28ඔවුන් ශාපකළාවේ, නුමුත් ඔබ ආශීර්වාදකළ මැනව; ඔව්හු නැගිටින කල ලජ්ජාවන්නෝය, නුමුත් ඔබගේ මෙහෙකරුවා ප්‍රීතිවන්නේය.
29මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් පළඳනු ලබත්වා, උතුරු සළුවකින් මෙන් තමුන්ගේ ලජ්ජාවෙන් තමුන්ම වසාගනිත්වා.
30මාගේ මුවෙන් ස්වාමීන්ට බොහෝසෙයින් ස්තුතිකරන්නෙමි; එසේය, සමූහයා අතරේදී උන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමි.
31මක්නිසාද දිළිදාගේ ආත්මය විනිශ්චය කරන්නන්ගෙන් ගළවන පිණිස උන්වහන්සේ ඔහුගේ දකුණතින් සිටිනසේක.