Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
6 verses
1ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.
2එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.
3ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව.
4ස්වාමිනි, අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.
5කඳුළු සහිතව වපුරන්නෝ ප්රීතියෙන් කපන්නෝය.
6ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්රීතියෙන් එන්නේය.