Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ස්වාමිනි, දාවිත්ගේ දුක් සියල්ල ඔහු උදෙසා සිහිකළ මැනව;
2එනම් ස්වාමීන්ට ස්ථානයක්ද යාකොබ්ගේ පරාක්රමයාණන්වහන්සේට මණ්ඩපයක්ද සොයාගන්නා තෙක්
3සැබවින් මාගේ ගෙයි මණ්ඩපයට ඇතුල් නොවන්නෙමි, මාගේ යහනට නොනගින්නෙමි;
4මාගේ ඇස්වලට නින්දවත් ඇසිපියවලට නිදිබරවත් නොදෙන්නෙමියි කියා
5ඔහු ස්වාමීන්ට දිවුරමින් යාකොබ්ගේ පරාක්රමයාණන්වහන්සේට භාරයක් වූ හැටි සිහිකළ මැනව.
6බලව, එප්රාතාහිදී එපවත් ඇසීමුව. වන පෙදෙසේහි එය අපට සම්බවුණේය.
7අපි උන්වහන්සේගේ මණ්ඩපවලට යන්නෙමුව; උන්වහන්සේගේ පාපුටුව ළඟ නමස්කාරකරන්නෙමුව,
8ස්වාමිනි, නැගිට ඔබගේ ශක්තියේ ගිවිසුම්-පෙට්ටිය ඇතිව, ඔබගේ නිවාඩු ස්ථානයට වැඩිය මැනව.
9ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨකමින් සැරසෙත්වා; ඔබගේ ශුද්ධවන්තයෝ ප්රීතිශබ්ද කෙරෙත්වා.
10ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව.
11ඔබේ ශරීර ඵලයෙන් ඔබේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, ඔබේ පුත්රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂාකරන්නෝ නම්,
12ඔවුන්ගේ පුත්රයොත් ඔබේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.
13මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් තෝරාගත්සේක; ස්වකීය නිවාසය ලෙස ඊට ආශාවූසේක.
14මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානයය. මෙහි වසන්නෙමි; මක්නිසාද ඊට ආශාවීමි.
15සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.
16එහි පූජකයන්ද ගැළවීමෙන් පළඳවන්නෙමි. එහි ශුද්ධවන්තයොත් ප්රීතියෙන් ඝෝෂාකරන්නෝය.
17එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි. මාගේ අභිෂේකලත් තැනැත්තාට පහනක් පිළියෙළකෙළෙමි.
18ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.