Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
9 verses
1ස්වාමීන්ට ප්‍රශංසාකරව් ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන��ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්.
2ඉශ්රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.
3නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.
4මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක.
5ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා.
6ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා;
7කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්,
8ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවකින්ද බඳින පිණිසත්,
9ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.