Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1ස්වාමිනි, යුක්තිය ඇසුව මැනව, මාගේ හඬගැසීම සැලකුව මැනව; වංකවූ තොල්��ලින් නොනික්මෙන මාගේ යාච්ඤාවට කන්දුන මැනව.
2මාගේ නඩුතීන්දුව ඔබ ඉදිරියෙන් පැමිණේවා; ඔබගේ ඇස් යුක්තිය බලාවා,
3ඔබ මාගේ සිත පරීක්ෂාකළසේක; රාත්‍රියේ මා බැලූසේක; ඔබ මා විමසූසේක, මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නාසේක; මාගේ මුඛයෙන් වරද නොකරන්ට නියමකරගතිමි.
4මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වූවත් මම ඔබගේ තොල්වල වචනය කරණකොටගෙන බලාත්කාරකරන්නන්ගේ මාර්ගවලින් වැලකී සිටියෙමි.
5මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථිරලෙස පිහිටියේය, මාගේ පාද නොලිස්සුවේය.
6දෙවියන්වහන්ස, ඔබ මට උත්තරදෙන නිසා මම ඔබට හඬගැසීමි. ඔබගේ කන් මා දෙසට යොමුකොට මාගේ බස් ඇසුව මැනව.
7ඔබ කෙරෙහි සරණගන්නවුන් විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගළවන තැනන්වහන්ස, ඔබගේ පුදුමවූ කරුණාගුණය දැක්වුව මැනව.
8මාගෙන් කොල්ලකන්නාවූ දුෂ්ටයන්ගෙන්ද මා මරන්ට කැමතිවූ මා වටකරගන්න සතුරන්ගෙන්ද
9ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව.
10ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟුලෙස කථාකරති.
11දැනුදු ඔව්හු අපේ අඩිපාර බලා අප වටකරගන සිටිති. අප බිම හෙළන්ට ඇස් යොමුකර සිටිති.
12ඔහු ගොදුරට ගිජුවූ සිංහයෙකුටත් රහස් තැන්වල රැකහිඳින තරුණ සිංහයෙකුටත් සමානය.
13ස්වාමිනි, නැගුටුණ මැනව, ඔහුට විරුද්ධව සිටිය මැනව, ඔහු පහත හෙළුව මැනව;
14ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
15මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.