Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
10 verses
1පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය.
2මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක.
3ස්වාමීන්ගේ කන්දට නගින්නේ කවුද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද?
4පවිත්ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට. යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.
5ඔහු ස්වාමීන්ගෙන් ආශීර්වාදයක්ද තමාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ ගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය.
6උන්වහන්සේ සොයන්නන්ගේ, එනම් යාකෝබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය.
7ද්වාරයෙනි, ඔබ සැමගේ හිස් ඔසවව්; සදාකාලික 24:7නොහොත් පුරාණ. ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.
8තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්රම සහිත ස්වාමීන්වහන්සේය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේය.
9ද්වාරයෙනි, ඔබ සැමගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.
10මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමීන්වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේය.