Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
9 verses
1ස්වාමිනි, ඔබට හඬගසන්නෙමි; මාගේ පර්වතයාණෙනි මට කන් නොදී නොසිටිය මැනව. ඔබ නිශ්ශබ්දවූසේක්නම්, වළට බසින්නන් හා සමාන වන්නෙමි.
2මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
3තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද. නොදැමුව මැනව.
4ඔවුන්ගේ ක්රියාව හැටියටත් හැසිරීම්වල දුෂ්ටකම හැටියටත් ඔවුන්ට විපාක දුන මැනව. ඔවුන් අතින් කළ ක්රියා ලෙස ඔවුන්ට කළ මැනව; ඔවුන්ට සුදුසුලෙස ප්රතිඵල දුනමැනව.
5ඔවුන් ස්වාමීන්ගේ ක්රියා හෝ උන්වහන්සේගේ හස්තකර්ම හෝ නොසලකන බැවින් උන්වහන්සේ ඔවුන් බිඳ දමනසේක, ගොඩ නොනගනසේක.
6ස්වාමීන්ට ප්රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
7ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්රශංසා කරන්නෙමි.
8ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.
9ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව. ඔවුන් පෝෂණයකරමින්, සදාකල්ම ඉසුලුව මැනව.