Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1දෙවියන්වහන්සේ, ස්වාමීවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්���ාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.
2අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.
3අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.
4උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬගසනසේක.
5පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.
6අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්රකාශකරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.
7එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්රායෙල්, ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, ඔබේ දෙවියන්වහන්සේය.
8ඔබේ පූජා ගැන ඔබට තරවටු නොකරන්නෙමි; ඔබේ දවන පූජාද නිතර මා ඉදිරියෙහි තිබේ.
9ඔබේ ගෙයින් ගොනෙක්වත් ඔබේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි.
10මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.
11කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.
12මට බඩගිනි වීනම්, ඔබට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය.
13මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද?
14දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට ඔබේ භාර ඉෂ්ට කරව.
15තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම ඔබ මුදාහරින්නෙමි, ඔබ මට ගෞරවකරන්නෙහිය.
16නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම ඔබේ කටට ගැන්මෙන් ඔබට කම් කිම්ද?
17මක්නිසාද ඔබ ගුරුකම් ලැබීමට අප්රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.
18ඔබ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.
19ඔබේ කට නපුරට දී තිබේ, ඔබේ දිවද රැවටිලි යොදයි.
20ඔබ ඉඳගෙන ඔබ සැමගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය; ඔබේම මෑණියන්ගේ පුත්රයාට විරුද්ධව කේලාම්කියන්නෙහිය.
21මේවා ඔබ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් ඔබට සමානයයි සිතුයෙහිය. එහෙත් ඔබට තරවටුකරන්නෙමි, ඔබේ ඇස් හමුයෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.
22දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.
23ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.