Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
11 verses
1බලවන්තයෙනි, සැබවින් ඔබ සැම යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, ඔබ සැ��� අවංක ලෙස විනිශ්චයකරවුද?
2එසේය, ඔබ සැම සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි ඔබ සැමගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.
3දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.
4ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය. ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය;
5මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.
6දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.
7ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා. උන්වහන්සේ 58:7 නොහොත්-ඔහු තමාගේ ඊගස් යොදන කල ඒවා සිඳිනු ලැබුවාක් මෙන් වෙත්වා. තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා.
8දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
9ඔබ සැමගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිහුළඟකින් පහ කරනසේක.
10පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.
11එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය.