Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
8 verses
1දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව.
2මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව.
3මක්නිසාද ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක.
4මම ඔබගේ මණ්ඩපයෙහි සදාකල් වාසයකරන්නෙමි. ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
5මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.
6ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක. ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය.
7ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්යතාවත් පිළියෙළකළ මැනව.
8එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්රශංසා ගී කියන්නෙමි.