Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
5 verses
1දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
2මාගේ ජීවිතය සොයන්නෝ ලජ්ජාවෙත්වා, වියවුල් වෙත්වා. මට පැමිණි අන්තරාය ගැන ප්රීතිවන්නෝ පසුබසිත්වා, අගෞරවයට පැමිණෙත්වා.
3ඔහෝ! ඔහෝ! කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා පසුබසිත්වා;
4ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා; ඔබගේ ගැළවීමට ප්රේමවන්නෝ: දෙවියන්වහන්සේ උසස්වනසේක්වයි නිතරම කියත්වා.
5නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය; ස්වාමිනි, පමා නූන මැනව.