Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
10 verses
1දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව; ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මනුෂ්‍යයෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශකරති.
2නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි.
3පොළොවද එහි සියලු වැසියෝද දියව ගියෝය. මම ඒකේ ටැම් සිටුවීමි.
4අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උසස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි.
5ඔබ සැමගේ අඟ උස් නොකරව්; තද කුළල් ඇතිව කථා නොකරව්.
6මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.
7නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.
8මක්නිසාද ස්වාමීන්ගේ අතේ කුසලානක් ඇත, එහි මුද්‍රිකපානය පෙණ දමයි; එය මිශ්‍ර ද්‍රව්‍යයෙන් පිරී තිබේ, උන්වහන්සේ එයින් වත්කරනසේක. සැබවින් පොළොවේ සියලු දුෂ්ටයෝ එහි මණ්ඩි මිරිකා බොන්නෝය.
9එහෙත් මම සදාකල් ප්‍රකාශ කරන්නෙමි, යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
10දුෂ්ටයන්ගේ අං සියල්ලද කපාදමන්නෙමි; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ අං ඔසවනු ලබන්නේය.