Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
19 verses
1බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුන��ැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.
2එප්‍රායිම්ද බෙන්යමින්ද මනස්සේද ඉදිරියෙහි ඔබගේ බලය පාමින්, අප ගළවන පිණිස වැඩිය මැනව.
3දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
4සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟගේ යාච්ඤාවට විරුද්ධව කොපමණ කල් උදහස්ව සිටිනසේක්ද?
5ඔබ කඳුළු නමැති කෑම ඔවුන්ට කැවූසේක, බොහෝකොට කඳුළු පෙවූසේක.
6අපේ අසල්වාසීන්ට අප දබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක; අපේ සතුරෝ ඔවුනොවුන් අතරේ සිනාසෙති.
7සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
8ඔබ මිසරයෙන් මිදිවැලක් ගෙනාසේක. ඔබ ජාතීන් එළවා එය රෝපණය කළසේක.
9ඔබ ඊට ඉඩමක් එළිකළසේක, එය ගැඹුරට මුල් ඇද්දේය, එයින් දේශය පිරුණේය.
10ඒකේ සෙවණෙන් කඳු වැසුණේය, ඒකේ අතු දෙවියන්වහන්සේගේ කිහිරි ගස් මෙන් විය.
11ඒකේ අතු මුහුද දක්වාත් ඒකේ රිකිළි ප්‍රාත් ගංගාව දක්වාත් විහිද ගියේය.
12මග යන සියල්ලන් විසින් එයින් නෙළාගන්නා ලෙස ඔබ ඒකේ වැටවල් කුමට බිඳ දැමූසේක්ද?
13වල් ඌරා එය විනාශකරයි, කෙත්හි වල් සත්තු එය කති.
14සේනාවල දෙවියන්වහන්ස, හැරී අවමැනව, ස්වර්ගයේ සිට ඇස් යොමා මේ මිදිවැලද
15ඔබගේ දකුණතින් රෝපණයකළ මුල හා ඔබටම සවිකරගත් අත්තද විමසා බැලුව මැනව.
16එය ගින්නෙන් දවනලද්දේය, කපා දමනලද්දේය. ඔව්හු ඔබගේ මුහුණේ තර්ජනයෙන් විනාශවෙති.
17ඔබගේ හස්තය ස්වකීය දකුණෙත් මනුෂ්‍යයා කෙරෙහි, එනම් ඔබටම ඔබ ශක්තිමත්කළ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි, වේවා.
18එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව.
19සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.