Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.
2මක්නිසාද ඔබගේ සතුරෝ කෝලාහලකෙරෙති. ඔබට වෛරවන්නෝ හිස ඒසෙවුවෝය.
3ඔව්හු ඔබගේ සෙනඟට විරුද්ධව ප්රයෝග උපා යොදති, ඔබගේ සඟවනලද්දවුන්ට විරුද්ධව මන්ත්රණයකෙරෙති,
4ඔව්හු කථාකොට: වරෙව්, ඉශ්රායෙල් යන නම මතු සිහි නොවන පිණිස, ජාතියක් නොවන ලෙස ඔවුන් සිඳ දමමුයයි කියති.
5ඔව්හු එක අදහසින් එක්ව මන්ත්රණය කළෝය; ඔබට විරුද්ධව ඔව්හු ගිවිසුමක් කෙරෙති.
6ඔව්හු වනාහි ඒදොමේ කූඩාරම් වැසියන් සහ ඉෂ්මායෙලිතයෝය; මෝවබ් සමඟ හගරීනයෝය;
7ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.
8අෂූර් ද ඔවුන්ට එකතුවූවෝය; ඔව්හු ලොත්ගේ පුත්රයන්ට උපකාර කළෝය.
9මිදියන්ටත් කීෂොන් ගඟ ළඟදී සිසෙරාටත් යාබින්ටත් කළ ලෙස මොවුන්ට කළ මැනව.
10ඔව්හු එන්දෝර්හි විනාශවී, බිමට පෝර මෙන් වූවෝය.
11ඔවුන්ගේ උත්තමයන් ඔරෙබ් සහ ශීබ් මෙන්ද ඔවුන්ගේ අධිපතීන් සියල්ලන් සෙබා සහ ශල්මුන්නා මෙන්ද කළ මැනව.
12දෙවියන්වහන්සේගේ වාසස්ථාන හිමිකරගනිමුයයි ඔව්හු කීවෝය.
13මාගේ දෙවියන්වහන්ස, ඔවුන් කර කැවෙන ධූලි මෙන්ද සුළඟින් විසිරයන ඉපනැලි මෙන්ද කළ මැනව.
14වනය පුලුස්සන ගිනි යම්සේද, කඳු දල්වන ගිනිදැල යම්සේද,
15එසේම ඔබගේ කුණාටුවෙන් ඔවුන් ලුහුබඳවා, ඔබගේ සැර සුළඟෙන් ඔවුන් භය ගැන්නුව මැනව.
16ස්වාමිනි, ඔබගේ නාමය සොයන පිණිස ඔවුන්ගේ මුහුණ වියවුලෙන් පිරෙවුව මැනව.
17යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් දැනගන්නා පිණිස,
18ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා; එසේය, වියවුල්වී විනාශවෙත්වා.