Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
11 verses
1තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;
2ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පස මුහුද පිටද වම්පස කොඩබිම පිටද තබා,
3සිංහයෙකු ගොරවන්නාක්මෙන් මහත් ශබ්දයකින් මොරගැසුවේය.
4ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වුවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රාකරන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය.
5මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටිනවා මා විසින් දුටුවාවූ දේවදූතයා ස්වර්ගය දෙසට තමාගේ දකුණත ඔසවා:
6සදාකාලේටම ජීවත්වන්නාවූ, ස්වර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද,
7සත්වෙනි දේවදූතයාගේ ශබ්දකිරීමේ දවස්වලදී, ඔහු පිඹින්ට යන කල, දෙවියන්හන්සේ තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශකළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණවී තිබේය කියාද කීවේය.
8ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමඟ කථාකරමින්: නුඹ ගොස්, මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටින දේවදූතයාගේ අතේ දිග ඇරලා තිබෙන පොත අරගන්නැයි මට කීවේය.
9මමද දේවදූතයා වෙතට ගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගන කන්න, ඒක නුඹේ බඩ තික්ත කරන්නේ, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේයයි මට කීවේය.
10එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මාගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය.
11තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.