Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1හෙබ්රොන්හිදී දාවිත්ට උපන් ඔහුගේ පුත්රයෝ මොව්හුය: කුලුඳුලා යෙස්රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය. දෙවෙනියා කර්මෙලීය අබිගයිල්ගෙන් උපන් දානියෙල්ය;
2තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්රවූ අබ්සලොම්ය; හතරවෙනියා හග්ගිත්ගේ පුත්රවූ අදොනියාය;
3පස්වෙනියා අබිටල්ගෙන් උපන් ෂෙපතියාය; හවෙනියා ඔහුගේ භාර්යාවූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය.
4හදෙනෙක් හෙබ්රොන්හිදී ඔහුට උපන්නෝය; එහි ඔහු සත් අවුරුදු හමාසයක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කෙළේය.
5යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.
6,7ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්; නොගා, නෙපෙග්, යාපියා;
8එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නවදෙනාත්ය.
9උපභාර්යාවන්ගේ පුත්රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය.
10සාලමොන්ගේ පුත්රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්රයා අබියාය, ඔහුගේ පුත්රයා ආසාය, ඔහුගේ පුත්රයා යෙහෝෂාපාට්ය;
11ඔහුගේ පුත්රයා යොරාම්ය, ඔහුගේ පුත්රයා අහසියාය, ඔහුගේ පුත්රයා යෝවාෂ්ය;
12ඔහුගේ පුත්රයා අමශියාය, ඔහුගේ පුත්රයා අසරියාය, ඔහුගේ පුත්රයා යෝතාම්ය;
13ඔහුගේ පුත්රයා ආහාස්ය, ඔහුගේ පුත්රයා හෙසකියාය, ඔහුගේ පුත්රයා මනස්සේය;
14ඔහුගේ පුත්රයා ආමොන්ය, ඔහුගේ පුත්රයා යොෂියාය.
15යොෂියාගේ පුත්රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය.
16යෙහෝයාකිම්ගේ පුත්රයෝ නම්: ඔහුගේ පුත්රවූ යෙකොනියා සහ ඔහුගේ පුත්රවූ ශෙදෙකියාය.
17හිරකාරවූ යෙකොනියාගේ පුත්රයෝ නම්:
18ඔහුගේ පුත්රවූ ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියාය.
19පෙදායාගේ පුත්රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයිය. සෙරුබ්බාබෙල්ගේ පුත්රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියාය; ඔවුන්ගේ සහෝදරී ෂෙලෝමිත්ය.
20හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, යූෂබ්-හෙසෙද් යන පස්දෙනාත්ය.
21හනනියාගේ පුත්රයෝ නම්: ��ෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්රයෝය, අර්ණොන්ගේ පුත්රයෝය, ඔබදියාගේ පුත්රයෝය, ෂෙකනියාගේ පුත්රයෝය.
22ෂෙකනියාගේ පුත්රයෝ නම්: ෂෙමායාද ෂෙමායාගේ පුත්රයෝවූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපත් යන හදෙනාය.
23නෙයරියාගේ පුත්රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අස්රිකාම් යන තුන්දෙනාය.
24එලියෝයේනයිගේ පුත්රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා, අනානී යන සත්දෙනාය.