Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
43 verses
1යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝබාල්ය.
2ෂෝබාල්ගේ පුත්‍රවූ රෙයායාට දාව යහත් උපන්නේය; යහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝය. මොව්හු ශොරාතිවරුන්ගේ පවුල්ය.
3ඒතාම්ගේ පියාගෙන් උපන් අය නම්: යෙස්රෙයෙල්, ඉෂ්මා සහ ඉඩිබාෂ්ය. ඔවුන්ගේ සහෝදරීගේ නම හශ්ශෙලෙල්පොනීය.
4ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්‍රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්‍රයෝය.
5තෙකෝවාගේ පියවූ අෂ්හූර්ට හෙලෙයා සහ නයරා යන භාර්යාවෝ දෙදෙනෙක් වූහ.
6නයරා ඔහු නිසා අහුස්සාම්ද හේපෙර්ද තේමෙනිද හාහෂ්තාරිද බිහිකළාය. නයරාගේ පුත්‍රයෝ මොව්හුය.
7හෙලෙයාගේ පුත්‍රයෝ නම්: ශෙරෙත්, ඉශ්හාර් සහ එත්නන්ය.
8හක්කොශ්ට දාව ආනූබ්ද ශොබේබාද හාරුම්ගේ පුත්‍රවූ අහර්හෙල්ගේ පවුල්ද උපන්නෝය.
9යාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේය. ඔහුගේ මවු: මම වේදනාවෙන් ඔහු බිහිකළෙමියි කියා ඔහුට යාබෙශ් යන නම තැබුවාය.
10යාබෙශ්ද ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.
11ෂුහාගේ සහෝදරවූ කෙලූබ්ට දාව මෙහිර් උපන්නේය, ඔහු එෂ්තොන්ගේ පියාය.
12එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.
13කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.
14මෙයෝනොතයිට දාව ඔප්රා උපන්නේය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ. පියවූ යෝවාබ් උපන්නේය; ඔව්හු කර්මාන්තකාරයෝය.
15යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය.
16යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල්ය.
17එස්රාගේ පුත්‍රයෝ නම්: යෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ යාලොන්ය. මෙරෙද් පාවාගත්තාවූ, ඵාරාවොගේ දුවවූ බිතියාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ මිරියාම්ද ෂම්මයිද එෂ්තෙමෝවාගේ පියවූ ඉෂ්බාද බිහිකළාය.
18ඔහුගේ යුදෙව් භාර්යාව ගෙදොර්ගේ පියවූ යෙරෙද්ද ශෝකෝගේ පියවූ හෙබෙර්ද ශානොවාගේ පියවූ යෙකූතියෙල්ද බිහිකළාය.
19කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරීවූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවාය.
20ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය.
21යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;
22යෝකීම්ද කොසේබාහි මනුෂ්‍යයෝද මෝවබ්වරුන් කෙරෙහි ආණ්ඩුකළාවූ යෝවාෂ් සහ සාරාප්ද යාෂූබි-ලෙහෙම්ද යන මොව්හුය. මේවා වනාහි පුරාණ කාරණාය.
23මොව්හු කුම්භකාරයෝව4:23 නොහොත්-තාප්පවලින් වටවූ ගස් පන්තිවල වාසයකරන්නෝව සිටියෝය. නොතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.
24සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, යාමීන්, යාරීබ්, සෙරා සහ ෂාවුල්ය.
25ඔහුගේ පුත්‍රයා ෂල්ලුම්ය, ඔහුගේ පුත්‍රයා මිබ්සාම්ය, ඔහුගේ පුත්‍රයා මිෂ්මාය.
26මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ හම්මුවෙල්ය, ඔහුගේ පුත්‍රවූ ශක්කූර්ය,
27ඔහුගේ පුත්‍රවූ ෂිමෙයිය. ෂිමෙයිට පුත්‍රයන් දහසය දෙනෙකුත් දූවරුන් හය දෙනෙකුත් සිටියෝය; නුමුත් ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝය, ඔවුන්ගේ මුළු වංශය යූදා පුත්‍රයන් මෙන් වැඩිනොවීය.
28ඔව්හු බෙයෙර්-ෂෙබාහිද මොලාදාහිද හශර්-ෂුවාල්හිද;
29බිල්හාහිද එශෙම්හිද තෝලාද්හිද;
30බෙතුයෙල්හිද හොර්මාහිද ශික්ලග්හිද;
31බෙත්-මර්කාබොත්හිද හශර්සුසීම්හිද බෙත්-බිරියෙහිද ෂයරාම්හිද විසුවෝය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නුවරවල්ව තිබුණේය.
32ඔවුන්ගේ ගම් ඒතාම්, ආයින්, රිම්මෝන්, තොකෙන්, ආෂාන් යන නුවරවල් පහක් සහ බාල් දක්වා එම නුවරවල් වටේට තිබුණු සියලු ගමුත්ය.
33ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ පෙළපත් ලේඛනයද මේවාය.
34මෙෂෝබාබ්ද යම්ලෙක්ද අමශියාගේ පුත්‍රවූ යෝෂාද;
35යෝවෙල්ද, අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත්‍රවූ යෝෂිබියාගේ පුත්‍රයා වන යේහුද;
36එලියෝයේනයිද යාකොබාද යෙෂෝහායාද ආසායාද අදීයෙල්ද යෙසිමියෙල්ද බෙනායාද;
37ෂෙමායාගේ පුත්‍රයා වන ෂිම්රීගේ පුත්‍රවූ යෙදයාගේ පුත්‍රයාවන අල්ලොන්ගේ පුත්‍රවූ ෂිපීගේ පුත්‍රයා වන සීසාද යන,
38නම් වශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය.
39ඔව්හු තමුන්ගේ එළු බැටළු රැළවලට තණබිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදොර්ට ඇතුල්වෙන තැන දක්වා ගියෝය.
40හොඳ සරු තණබිම් ඔවුන්ට සම්බවිය, දේශයද දෑතටම විශාලව නිශ්චලව සමාදාන සහිතව තිබුණේය; මක්නිසාද ප්‍රථම එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝය.
41නම් වශයෙන් ලියනලද මොව්හු යූදාහි රජවූ හෙසකියාගේ කාලයේදී ඇවිත් එහි සම්බවුණු මෙයූනිවරුන්ටත් ඔවුන්ගේ කූඩාරම්වලටත් පහරදී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින්ම නැතිකරදමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝය. මක්නිසාද ඔවුන්ගේ එළු බැටළු රැළවලට එහි තණබිම් තිබුණේය.
42සිමියොන්ගේ පුත්‍රයෝ වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම් මනුෂ්‍යයන් පන්සියයක් ඉෂීගේ පුත්‍රවූ පෙලතියාද නෙයරියාද රෙපායාද උස්සීයෙල්ද ප්‍රධානකමට තබාගෙන සේයිර් කන්දට ගොස්,
43ගැළවී ඉතුරුව සිටි අමලෙක්වරුන්ට පහරදුන්නෝය, අද දක්වාත් ඔව්හු එහි වාසයකරති.