Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
79 verses
1ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.
2කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.
3අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මිරියාම්ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසාර් සහ ඊතාමාර්ය.
4එලෙයාසාර්ට දාව පීනෙහාස්ද පීනෙහාස්ට දාව අබිෂුවාද;
5අබිෂුවාට දාව බුක්කීද බුක්කීට දාව උස්සීද;
6උස්සීට දාව සෙරහියාද සෙරහියාට දාව මෙරායොත්ද;
7මෙරායොත්ට දාව අමරියාද අමරියාට දාව අහිතූබ්ද;
8අහිතුබ්ට දාව ශාදොක්ද ශාදොක්ට දාව අහිමයාශ්ද;
9අහිමයාශ්ට දාව අසරියාද අසරියාට දාව යොහානාන්ද
10යොහානාන්ට දාව අසරියාද උපන්නෝය. (සාලමොන් විසින් යෙරුසලමේ ගොඩනැගූ ගෘහයෙහි පූජක තනතුර ඉෂ්ටකළේ ඔහුය.)
11අසරියාට දාව අමරියාද අමරියාට දාව අහිතූබ්ද;
12අහිතූබ්ට දාව ශාදොක්ද ශාදොක්ට දාව ෂල්ලූම්ද;
13ෂල්ලූම්ට දාව හිල්කියාද හිල්කියාට දාව අසරියාද;
14අසරියාට දාව සෙරායාද සෙරායාට දාව යෙහෝශාදාක්ද උපන්නෝය;
15ස්වාමීන්වහන්සේ නෙබුකද්නෙශර් අතින් යුදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වාල්කමට හරින විට යෙහෝශාදාක්ද ගියේය.
16ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරීය.
17ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නී සහ ෂිමෙයිය.
18කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.
19මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මූෂීය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේය:
20ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නීය, ඔහුගේ පුත්‍රයා යහත්ය, ඔහුගේ පුත්‍රයා සිම්මාය;
21ඔහුගේ පුත්‍රයා යෝවාය, ඔහුගේ පුත්‍රයා ඉද්දෝය, ඔහුගේ පුත්‍රයා සෙරාය, ඔහුගේ පුත්‍රයා යෙයාතෙරයිය.
22කොහාත්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා අම්මිනාදාබ්ය, ඔහුගේ පුත්‍රයා කෝරාය, ඔහුගේ පුත්‍රයා අස්සීර්ය;
23ඔහුගේ පුත්‍රයා එල්කානාය, ඔහුගේ පුත්‍රයා එබියාසාප්ය, ඔහුගේ පුත්‍රයා අස්සීර්ය;
24ඔහුගේ පුත්‍රයා තහත්ය, ඔහුගේ පුත්‍රයා උරියෙල්ය, ඔහුගේ පුත්‍රයා උස්සියාය, ඔහුගේ පුත්‍රයා ෂාවුල්ය.
25එල්කානාගේ පුත්‍රයෝනම්: අමාසයි සහ අහීමොත්ය.
26ඔහුගේ පුත්‍රයා එල්කානාය, ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයිය, ඔහුගේ පුත්‍රයා නහත්ය;
27ඔහුගේ පුත්‍රයා එලියාබ්ය, ඔහුගේ පුත්‍රයා යෙරොහාම්ය, ඔහුගේ පුත්‍රයා එල්කානාය.
28සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ යෝවෙල් සහ දෙවෙනියාවූ අබියාය.
29මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලීය, ඔහුගේ පුත්‍රයා ලිබ්නිය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය, ඔහුගේ පුත්‍රයා උස්සාය;
30ඔහුගේ පුත්‍රයා ෂිමෙයාය, ඔහුගේ පුත්‍රයා හග්ගියාය, ඔහුගේ පුත්‍රයා අසායාය.
31ගිවිසුම් පෙට්ටිය පිහිටෙවුවායින් පසු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත්කරනු ලැබුවෝ මොව්හුය.
32සාලමොන් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන තුරු ඔව්හු සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමුන්ගේ පංක්ති පරිද්දෙන් තමුන්ගේ තනතුරෙහි යෙදී සිටියෝය.
33එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;
34ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෙරොහාම්ගේ පුත්‍රයාය, ඔහු එලියෙල්ගේ පුත්‍රයාය, ඔහු තෝවාගේ පුත්‍රයාය;
35ඔහු සූප්ගේ පුත්‍රයාය, ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු මහත්ගේ පුත්‍රයාය, ඔහු අමාසයිගේ පුත්‍රයාය;
36ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු ශෙපනියාගේ පුත්‍රයාය;
37ඔහු තහත්ගේ පුත්‍රයාය, ඔහු අස්සීර්ගේ පුත්‍රයාය, ඔහු එබියාසාප්ගේ පුත්‍රයාය, ඔහු කෝරාගේ පුත්‍රයාය;
38ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයාය, ඔහු කොහාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය, ඔහු ඉශ්‍රායෙල්ගේ පුත්‍රයාය.
39ඔහුට දකුණෙන් සිටියාවූ ඔහුගේ සහෝදරවූ ආසාප්ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයාගේ පුත්‍රයාය;
40ඔහු මීකායෙල්ගේ පුත්‍රයාය, ඔහු බයසෙයාගේ පුත්‍රයාය, ඔහු මල්කියාගේ පුත්‍රයාය;
41ඔහු එත්නිගේ පුත්‍රයාය, ඔහු සෙරාගේ පුත්‍රයාය, ඔහු අදායාගේ පුත්‍රයාය;
42ඔහු ඒතාන්ගේ පුත්‍රයාය, ඔහු ශිම්මාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයිගේ පුත්‍රයාය;
43ඔහු යහත්ගේ පුත්‍රයාය, ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය.
44ඔවුන්ගේ සහෝදරයෝ වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝය. එනම්: ඒතාන්ය. ඔහු කීෂිගේ. පුත්‍රයාය, ඔහු අබ්දීගේ පුත්‍රයාය, ඔහු මල්ලූක්ගේ පුත්‍රයාය;
45ඔහු හෂබියාගේ පුත්‍රයාය, ඔහු අමශියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය;
46ඔහු අම්ශීගේ පුත්‍රයාය, ඔහු බානීගේ පුත්‍රයාය, ඔහු ෂෙමෙර්ගේ පුත්‍රයාය;
47ඔහු මාලීගේ පුත්‍රයාය, ඔහු මූෂීගේ පුත්‍රයාය, ඔහු මෙරාරීගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය.
48ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහය වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත්වී සිටියෝය.
49නුමුත් ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද දෙවියන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල ලෙස දවන පූජා පුදන පූජාසනයත් දුම් පූජාසනයත් පිට ඔප්පුකරන්ටද අති ශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්ටද ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකම් කරන්ටද නියමව සිටියෝය.
50ආරොන්ගේ පුත්‍රයෝ මොව්හුය; ඔහුගේ පුත්‍රයා එලෙයාසර්ය, ඔහුගේ පුත්‍රයා පීනෙහාස්ය, ඔහුගේ පුත්‍රයා අබිෂුවාය; ඔහුගේ පුත්‍රයා බුක්කීය,
51ඔහුගේ පුත්‍රයා උස්සීය, ඔහුගේ පුත්‍රයා සෙරහියාය;
52ඔහුගේ පුත්‍රයා මෙරායොත්ය, ඔහුගේ පුත්‍රයා අමරියාය, ඔහුගේ පුත්‍රයා අහිතුබ්ය;
53ඔහුගේ පුත්‍රයා ශාදොක්ය, ඔහුගේ පුත්‍රයා අහිමයාශ්ය.
54කොහාත්වරුන්ගේ පවුල් අතරෙන් ආරොන්ගේ පුත්‍රයන්ගේ වාසස්ථාන ඔවුන්ගේ සීමා තුළෙහිවූ ඔවුන්ගේ කඳවුරුවල හැටියට මේවාය, මක්නිසාද පස ඇටය වැටුණේ ඔවුන්ටය. යූදා දේශයෙහි වූ හෙබ්‍රොන් සහ ඒ වටකරින්වූ ඒකේ පිට-බිම්ද ඔවුන්ට දෙනලද්දේය;
56නුමුත් නුවර කෙත්ද ඒකේ ගම්ද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ට දෙනලද්දේය.
57ආරක්ෂා නුවරක් වූ හෙබ්‍රොන්ද ලිබ්නා සහ ඒකේ පිට-බිම්ද යත්තීර්ද එෂ්තෙමොව සහ ඒකේ පිට-බිම්ද;
58හීලේන් සහ ඒකේ පිට-බිම්ද දෙබීර් සහ ඒකේ පිට-බිම්ද;
59ආෂාන් සහ ඒකේ පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ ඒකේ පිට-බිම්ද;
60බෙන්යමින් ගෝත්‍රයෙන් ගෙබා සහ ඒකේ පිට-බිම්ද අල්ලෙමෙත් සහ ඒකේ පිට-බිම්ද අනතෝත් සහ ඒකේ පිට-බිම්ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නුවරවල් දහතුනක්ය.
61කොහාත්ගේ අනික් පුත්‍රයන්ට [එප්‍රායිම්] ගෝත්‍රයේ පවුල්වලින්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
62ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමුන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාඛර් ගෝත්‍රයෙන්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් ලැබුණේය.
63මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
64ඉශ්රායෙල් පුත්‍රයෝ මේ නුවරවල් සහ ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.
65යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද නම් වශයෙන් කියනලද මේ නුවරවල් ඔව්හු පස ඇට දමා දුන්නෝය.
66කොහාත්ගේ පුත්‍රයන්ගෙන් අනික් පවුල් වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නුවරවල් එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේය.
67මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ ඒකේ පිට-බිම්ද ගෙසෙර් සහ ඒකේ පිට-බිම්ද;
68යොක්මෙයාම් සහ ඒකේ පිට-බිම්ද බෙත්-හෝරොන් සහ ඒකේ පිට-බිම්ද;
69අයාලෝන් සහ ඒකේ පිට-බිම්ද ගැත්-රිම්මෝන් සහ ඒකේ පිට-බිම්ද;
70මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ආනේර් සහ ඒකේ පිට-බිම්ද බිලෙයාම් සහ ඒකේ පිට-බිම්ද කොහාත් පුත්‍රයන්ගේ අනික් පවුල්වලට දෙනලද්දේය.
71ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ ඒකේ පිට-බිම්ද අෂ්තාරොත් සහ ඒකේ පිට-බිම්ද;
72ඉස්සාඛර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ ඒකේ පිට-බිම්ද දාබෙරත් සහ ඒකේ පිට-බිම්ද;
73රාමොත් සහ ඒකේ පිට-බිම්ද ආනේම් සහ ඒකේ පිට-බිම්ද;
74ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ ඒකේ පිට-බිම්ද අබ්දෝන් සහ ඒකේ පිට-බිම්ද;
75හුකොක් සහ ඒකේ පිට-බිම්ද රෙහොබ් සහ ඒකේ පිට-බිම්ද;
76නප්තලී ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ ඒකේ පිට-බිම්ද හම්මෝන් සහ ඒකේ පිට-බිම්ද කිරියාතයිම් සහ ඒකේ පිට-බිම්ද ලැබුණේය.
77මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මෝනො සහ ඒකේ පිට-බිම්ද තාබෝර් සහ ඒකේ පිට-බිම්ද;
78යෙරිකෝව ළඟ යොර්දානෙන් එගොඩ යොර්දානට නැගෙනහිරෙන් රූබෙන් ගෝත්‍රයෙන් කාන්තාරයෙහි තිබෙන බෙසෙර් සහ ඒකේ පිට-බිම්ද යහෙශා සහ ඒකේ පිට-බිම්ද;
79කෙදේමොත් සහ ඒකේ පිට-බිම්ද මේපයත් සහ ඒකේ පිට-බිම්ද;
80ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ ඒකේ පිට-බිම්ද හෙෂ්බොන් සහ ඒකේ පිට-බිම්ද යාසේර් සහ ඒකේ පිට-බිම්ද ලැබුණේය.