Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
40 verses
1ඉස්සාඛර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පූවා, යාෂූබ්, ෂිම්රොන් යන සතරදෙනාය.
2තෝලාගේ පුත්‍රයෝ නම්: උස්සී, රෙපායා, යෙරීයෙල්, යාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල්ය; ඔව්හු තෝලාට අයිති තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව තමුන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූහ. දාවිත්ගේ කාලයේදී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හසියයක්ය.
3උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය.
4ඔවුන් සමඟ තමුන්ගේ පරම්පරා වශයෙන්ද තමුන්ගේ පිය වංශවල ප්‍රකාරයටද ගණනින් තිස්හයදහසක්වූ යුද්ධ හමුදාවල් සිටියෝය. ඔවුන්ට බොහෝ භාර්යාවරුත් පුත්‍රයෝත් වූහ.
5සියලු ඉස්සාඛර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන්ව සිටියාවූ ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට, අසූහත් දහසක් වූවෝය.
6බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, යෙදීයයෙල් යන තුන්දෙනාය.
7බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උස්සීය, උස්සීයෙල්, යෙරීමොත්, ඊරි යන පස්දෙනාය; ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය; ඔව්හු පෙළපත් වශයෙන් ගණන්කරනලදුව විසිදෙදාස් තිස්හතර දෙනෙක් වූහ.
8බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: සෙමිරා, යෝවාෂ්, එලියෙසෙර්, එලියෝයේනයි, ඔම්රි, යෙරේමොත්, අබියා, අනතෝත් සහ ආලෙමෙත්ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝය.
9ඔවුන්ගේ පෙළපත් වශයෙන්, තමුන්ගේ පරම්පරා හැටියට, තමුන්ගේ පියවංශවල ප්‍රධානියෝව සිටි බලවන්ත මනුෂ්‍යයන් විසිදාස් දෙසියයක්ය.
10යෙදීයයෙල්ගේ පුත්‍රයෝ: බිල්හාන්ය. බිල්හාන්ගේ පුත්‍රයෝ නම්: යෙවුෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර්ය.
11මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය.
12ෂුප්පීම්ද හුප්පීම්ද ඊර්ගේ. පුත්‍රයෝය. හුෂ්ෂීම් අහෙර්ගේ පුත්‍රයෙක්ය.
13නප්තලීගේ පුත්‍රයෝ නම්: බිල්හාගේ පුත්‍රයෝවූ යාහශියෙල්, ගුනී, යේශෙර් සහ ෂල්ලුම්ය.
14මනස්සේගේ පුත්‍රයෝ: ඔහුගේ භාර්යාව බිහිකළ අසරියෙල්ය. (ඔහුගේ අරමීය උපභාර්යාව ගිලියද්ගේ පියවූ මාකීර් බිහිකළාය.
15මාකීර් හුප්පීම් සහ ෂුප්පීම්ගේ සහෝදරීවූ මයකා භාර්යාකොට පාවාගත්තේය.) දෙවෙනියාගේ නම ශෙලොපෙහාද්ය. ශෙලොපෙහාද්ට දූවරු සිටියෝය.
16මාකීර්ගේ භාර්යාවවූ මයකා පුත්‍රයෙකු බිහිකර ඔහුට පෙරෙෂ් යන නම තැබුවාය; ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ්ය; ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම්ය.
17ඌලාම්ගේ පුත්‍රයෝ: බෙදාන්ය. මොව්හු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයෝය.
18ඔහුගේ සහෝදරීවූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියෙසෙර්ද මාලාද බිහිකළාය.
19ෂෙමිදාගේ පුත්‍රයෝ නම්: අහෙයාන්, ෂෙකෙම්, ලික්හි සහ අනියාම්ය.
20එප්‍රායිම්ගේ පුත්‍රයෝ: ෂුතෙලාය. ඔහුගේ පුත්‍රයා බෙරෙද්ය, ඔහුගේ පුත්‍රයා නහත්ය, ඔහුගේ පුත්‍රයා එලියාදාය, ඔහුගේ පුත්‍රයා තහත්ය,
21ඔහුගේ පුත්‍රයා සාබාද්ය, ඔහුගේ පුත්‍රයා ෂුතෙලාය. ඒ ඇර එසේර් සහ එලෙයාද්ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් ගෙනයන්ට බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝය.
22මොවුන්ගේ පියාවූ එප්‍රායිම්ද බොහෝ දවස් වැලපුණේය, ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්ට ආවෝය.
23ඔහු තමාගේ භාර්යාව කරා පැමිණි කල ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය, තමාගේ පවුලට විපත්තිය පැමිණි නිසා ඔහු ඔහුට බෙරියා යන නම තැබීය.
24ඔහුගේ දුව ෂෙයෙරාය, ඈ පහළ සහ ඉහළ බෙත්හෝරොන්ද උස්සේන්-ෂෙයෙරාද ගොඩනැඟුවාය.
25ඔහුගේ පුත්‍රයා රෙපාය, ඔහුගේ පුත්‍රයෝ රෙෂෙප් සහ තෙලාය, ඔහුගේ පුත්‍රයා තහන්ය.
26ඔහුගේ පුත්‍රයා ලාදාන්ය, ඔහුගේ පුත්‍රයා අම්මිහුද්ය, ඔහුගේ පුත්‍රයා එලිෂාමාය;
27ඔහුගේ පුත්‍රයා නූන්ය: ඔහුගේ පුත්‍රයා යෝෂුවාය.
28ඔවුන්ගේ උරුම සහ වාසස්ථාන නම්: බෙතෙල් සහ ඒකේ ගම්ද නැගෙනඉරට නයරාන්ද බස්නාහිරට ගෙසෙර් සහ ඒකේ ගම්ද; අස්සා සහ ඒකේ ගම්ද දක්වා ෂෙකෙම් සහ ඒකේ ගම්ද;
29මනස්සේ පුත්‍රයන්ගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ ඒකේ ගම්ද තයනාක් සහ ඒකේ ගම්ද මෙගිද්දෝ සහ ඒකේ ගම්ද දෝර් සහ ඒකේ ගම්ද යන මේවාය. මේවායෙහි ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයෝ වාසයකළෝය.
30ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය.
31බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල්ය, ඔහු බිර්සායිත්ගේ පියාය.
32හෙබෙර්ට දාව යප්ලෙත්ද ෂෝමෙර්ද හෝතාම්ද ඔවුන්ගේ සහෝදරී වූ ෂූවාද උපන්නෝය.
33යප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත්ය. මොව්හු යප්ලෙත්ගේ පුත්‍රයෝය.
34ෂෙමෙර්ගේ පුත්‍රයෝ නම්: අහි, රොඃගා, යෙහුබ්බා සහ අරාම්ය.
35ඔහුගේ සහෝදරවූ හේලෙම්ගේ පුත්‍රයෝ නම්: ශෝපා, ඉම්නා, ෂේලෙෂ් සහ අමාල්ය.
36ශොපාගේ පුත්‍රයෝනම්: සුවා, හර්නෙපෙර්, ෂුවාල්, බේරී, ඉම්රා;
37බෙශෙර්, හෝඩ්, ෂම්මා, ෂිල්ෂා, ඉත්රාන් සහ බෙයේරාය.
38යෙතෙර්ගේ පුත්‍රයෝ නම්: යෙඵුන්නෙ, පිස්පා සහ අරාය.
39උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරඃ, හන්නියෙල් සහ රිසීයාය.
40මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝය. ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, උතුම්වූ බලවන්ත මනුෂ්‍යයෝව, ප්‍රධාන අධිපතියෝව සිටියෝය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන්ගන්නාලද්දෝ විසිදහසක්ය.